අඩු ආදායම් ලාභීන්ට ඉදිරි මාස තුනක කාලයක් සඳහා දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව ප්‍රතිලාභී පවුල් මිලියන 3.34කට මසකට රුපියල් 4455 බැගින් රුපියල් මිලියන 13364ක් වෙන් කිරීමට නියමිතය. මෙම දීමනාව මැයි, ජුනි, හා ජුලි මාස තුන තුළ ලබාදීමට නියමිතය.
මේ සඳහා අවශ්‍ය මුදල් ලෝක බැංකුව විසින් ලබාදෙන අතර ඒ සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 167ක් ලබාදිමට නියමිතය.
මුදල් අච්චු ගැසීමකින් තොරව මෙම මුදල් ලබාදෙයි.වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව, වකුගඩු දීමනාව හා සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් මෙම මුදල් ලබාදීමට නියමිතය.
වැඩිහිටි දීමනාව - රුපියල් 2000ක දීමනාවක් ලබන අයට තවත් රුපියල් 3000ක මුදලක්, අවුරුදු 100 ඉක්මවූවන්ට ලබාදෙන රුපියල් 5000ට අමතරව තවත් 2500ක මුදලක්, පොරොත්තු ලේඛණයේ සිටින අයට රුපියල් 5000ක් මේ අනුව ලබාදීමට නියමිය.
ආබාධිත දීමනාව - රුපියල් 5000ක දීමනාවක් ලබන අයට තවත් රුපියල් 2500ක මුදලක්, පොරොත්තු ලේඛණයේ සිටින අයට රුපියල් 5000ක් මේ අනුව ලබාදීමට නියමිය.
වකුගඩු දිමනාව - රුපියල් 5000ක දීමනාවක් ලබන අයට තවත් රුපියල් 2500ක මුදලක්, අපොරොත්තු ලේඛණයේ සිටින අයට රුපියල් 5000ක් මේ අනුව ලබාදීමට නියමිය.
සමෘද්ධි දීමනාව - රුපියල් 3100ක දීමනාවක් ලබන අයට තවත් රුපියල් 3100ක මුදලක්, රුපියල් 3200ට අමතරව තවත් 3200ක මුදලක්, රුපියල් 4500ක් ලබන අයට තවත් රුපියල් 3000ක්,අයදුම්කර ඇති පවුල් 732000ක් සඳහා මාසිකව රු 5000ක දීමනාවක් ලබාදිමට නියමිතය.