ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් මෙම මස 06වැනිදා සිදුකරන හර්තාල් හා වැඩවර්ජන ක්‍රියාමාර්ගයට අනුව අනිද්දා (05දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක් දුම්රිය සේවකයන් සේවයෙන් ඉවත්වන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.
මෙම මස 06වැනිදා මුළු රටම එකාබද්ධ වී සිදුකරන ක්‍රියාමර්ගයට අනුව ජනාධිපතිවරයා හා ආණ්ඩුව ගෙදර යාමට කටයුතු නොකළහොත් 11වැනිදා සිට අඛන්ඩ ක්‍රියාමාර්ග සිදුකිරීමට ඊයේ (02දා) තීරණය කළ බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි
එළඹෙන 06වැනිදා පැවැත්වෙන හර්තාල්, විරෝධතා ව්‍යාපාර සහ වැඩවර්ජන නිසා එදින එම ක්‍රියාමාර්ගයට සහාය දැක්වීම සඳහා සියලුම නිවාසවල හා ගොඩනැගිලිවල කළු කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම මධ්‍යස්ථානයේ සමකැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය.
එමෙන්ම එළඹෙන 11වැනිදා සිට අඛණ්ඩව හර්තාල් පැවැත්වීමට, වැඩවර්ජන සිදුකිරීමට හා විරෝධතා ව්‍යාපාර පැවත්වීමට ඊයේ තීරණයක් ගත් බව ඒ මහතා සඳහන් කළේය.