සඳහිරු සෑයේ නිදන් තැන්පත් කිරීමේදී රනින් කළ බුදු පිළිමයක් සම්බන්ධයෙන් සිදුවූ ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හෙළි කළේය.
“නාවික හමුදාව නැගෙනහිර මුහුදේදී රත්රන් කිලෝ 45ක් අත්අඩංගුවට ගන්නවා. මේ රත්රන් කිලෝ 45 අත්අඩංගුවට ගත්තට පස්සේ පැය 24ක් යන්න මත්තෙන් නාවික හමුදාපතිවරයා රේගුවෙන් ඉල්ලනවා සඳහිරු සෑයේ නිදන් තැන්පත් කිරිම සඳහා අත්අඩංගුවට ගත්ත රත්‍රංවලින් කිලෝ ග්‍රෑම් 8ක් දෙන්න කියලා.
රේගුව ලිපියක් එවලා තියෙනවා සාමාන්‍ය යෙන් අපි අත්අඩංගුවට ගත්තට පස්සේ මාසයක විතරක කාලයක් දෙනවා ඒ අයට තමන්ගේ අයිතිය තහවුරු කර ගන්න. ඒ නිසා මේවා ඊයේ ගත්තේ අද දෙන්න බෑ කියනවා.
මේ ඉල්ලීම නිසා පරණ රාජසන්තක කරපු රත්රන් කිලෝ 08ක් දෙනවා. තවත් ලංකා බැංකුවේ රත්රන් කිලෝ තුනයි ගණනක් ගන්නවා. ඔක්කොම රත්රන් කිලෝ 11 හමාරක් වගේ. මේ 11 හමාරෙන් වැලිසර නාවික හමුදා කඳවුරේ අඩියක් උස බුදු පිළිමයක් හදනවා සඳහිරු සෑයෙ තැන්පත් කරන්න. මේ අච්චුවෙන්ම ඊට සමානව තවත් පිත්තලවලින් පිළිම දෙකක් හදනවා.
ඊට අමතරව පිළිමතලාවේ අඩි එක හමාරක හා අඩි දෙකහමාරක පිළිම දෙකක් හදනවා. ඊට පස්සේ අඩියේ බුදු පිළිම දෙක සඳහා රන් අලේප කරනවා. රන් ආලේප කරලා ලොකු ප්‍රදර්ශනයක් තියෙනවා අනුරාධපුරයේ මේ නිදන් තැන්පත්කිරීම හා ප්‍රදර්ශනය. මේ ප්රදර්හනයට තියෙනවා රන් අලේප කරපු බුදු පිළිම දෙකයි. අර අඩි එක හමාරේ හා අඩි දෙකහමාරේ බුදු පිළිම දෙකයි.
අර රන් බුදු පිළිමය තැන්පත් කරනවා කියනවා. අවසානයේ බලනකොට අඩියක් උස බුදු පිළිමයක් නෑ. හමුදා ආරක්ෂාව යටතේ රන් අලේප බුදු පිළිමයට මොකද වුණේ. අර තැන්පත් කළේ රන් ආලේප බුදු පිළිමයද රනින් කළ බුදු පිළිමයද? අතිශය සාධාරණ සැකයක් තියෙනවා ඇතුළේ තියෙන්නේ මොකක්ද කියලා.”