ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියනක ණයෙන් මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක වටිනාකමකින් යුත් වානේ ආනයනය කර ඇති බව මුදල් අමාත්‍යාශය සඳහන් කරයි.
ඉන්දීය ණයෙන් වානේ ආනයනය කරන බවට මාධ්‍ය කළ වාර්තාවලට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි.
ඉන්දීය ණය පහසුකමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් අත්‍යාවශ්‍ය ආහාර, ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් ඖෂධ වෙනුවෙන් හා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් කර්මාන්ත අමුද්‍රව්‍ය ආනයනයට යොදා ගැනීමට නියමිතව තිබූ බවද මුදල් අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් පසුව මෙම තීරණය වෙනස් කරමින් කර්මාන්ත අමුද්‍රව්‍ය ආනයනය සඳහා වෙන්කළ මුදල් ඉන්ධන හා ගෑස් ආනයනය වෙනුවෙන් තවදුරටත් වෙන් කිරීමටද තීරණය කර තිබේ.
ආනයනය කිරීමට නියමිත කර්මාන්ත අමුද්‍රව්‍ය අතර කඩදාසි, මුද්‍රණ ද්‍රව්‍ය, ඇසුරුම් ද්‍රව්‍ය, ඇඟලුම් කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, කාබනික නොවන රසායනික ද්‍රව්‍ය, සිමෙන්ති, ට්රාන්ස්ෆෝර්මස් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, වානේ හා පොහොර ඇතුළත් වෙනයි.