එක්සත් ජාතික පක්ෂය විශ්වාසභංගවලට විරුද්ධ නොමැති බවත්, නමුත් අගමැතිට එරෙහිව ගෙන එන විශ්වාසභංගයෙන් පසුව සිදුවන්නේ කුමක්දැයි පැහැදිලි කරගත යුතු බවත් එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව දෙමළ සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණටත් එම ප්රශ්නය තිබෙන බව වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන අතර, ඊටද එක්සත් ජාතික පක්ෂය සහයෝගය ලබාදෙන බවයි.