saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 6370 hours ago

LATEST

ආණ්ඩුවෙන් ඉවත්වූ සියළු පක්ෂ සහ මන්ත්‍රීවරු

calendar_today 2022 අප්‍රේ 05 - 12:19 remove_red_eye - 2346  

අද පැවැති පාර්ලිමේන්තු සැසියේදී ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනය කටයුතු කිරීමට ආණ්ඩු පක්ෂයේ ඇතැම් පක්ෂ මෙන්ම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුද තීරණය කර තිබුණි. ඒ අනුව පහත පරිදි එම පක්ෂ සහ මන්ත්‍රීවරුන් අද සිට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව කතානායකවරයාට දැන්වීය.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් නොව ඔහුව බලයට ගෙන ආ සියලු දෙනා ගෙදර යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 11ක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයා අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරු 40ක් මේ වන විට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට තීීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු 14ක්, ආණ්ඩුවේ හවුල් කාර පක්ෂ 10ක මන්ත්‍රීවරු16ක් හා ශ්‍රීී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 10ක් මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව දන්වා තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 10ක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

Read More

ආණ්ඩුවේ සිටි පක්ෂ 10 ක මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (05දා) ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරන බව හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පොළොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ රාත්‍රියේ විරෝධතාකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් ගෘහ උපකරණවලට දැඩි හානි සිදුව තිබෙනවා.

Read More

යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රො කුලේබා සමග දුරකථන සංවාදයකදී චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී මේ බව ප්‍රකාශ කළේය.

Read More

ජනතා විරෝධතාව හා රට මුහුණ දී ඇති අර්බුද රාශියක් මත අද දිනයේදි පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම තීරණාත්මක සාධකයක් බවට පත්වතිබේ.

Read More

ලෝකයම වෙලාගෙන ඇති පරිසර දූෂණයට එරෙහිව සටන් කිරීමට වැඩි වශයෙන් කටයුතු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

විරෝධතාකරුවන් විසින් එකවරම ඥානක්කා නැමති කාන්තාවගේ නිවස පිහිටි ගුවන්තොටුපල මාර්ගයේ ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි නිවසට කඩා වැදීමත් සමග ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට විරෝධතාකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම ස්ථානයට යුද හමුදාව කැඳවීමට පියවර ගෙන තිබුණී.

Read More

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා දැන් ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාවේ 9.2%ක කොටස් ප්‍රමාණයක් හිමිකරගෙන සිටින බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

මන්ත්‍රීවරුන්ට එල්ල වී තිබෙන දැඩි විරෝධය හමුවෙන් ඔවුන්ගේ නිවාස වටකිරීමට ජනතාව කටයුතු කරමන් පවතී. මේ හේතුවෙන් මන්ත්‍රී නිවාස ආරක්ෂා කර ගැනීමට පොලීසිය දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටින බව වාර්තා වෙයි.

Read More

කැඩ්බරි ඝානාවේ කොකෝවා ගොවිපළවල් සඳහා වයස අවුරුදු 10ක් තරම් කුඩා දරුවන් යොදාගත් බවට චෝදනා කරයි.

Read More

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් යැයි පැවැසෙන බත්තරමුල්ලේ පිහිටි නිවසක් විරෝධතාකරුවන් පිරිසක් වට කර ඇති බව වාර්තා වෙයිි. 1000කට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් මේ සඳහා එක්වී තිබේ. කෙසේ වෙතත් එම නිවසට ආරක්ෂාව ලබාදීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක්ද කැඳවා ඇත.

Read More

යුක්රේන අර්බුදය සහ රුසියානු සම්බාධක එක්සත් ජනපදයේ ඉහළ යන උද්ධමනයට එකතු වී ඇති බව ජේ පී මෝගන් බැංකු ප්‍රධානියා පවසයි.

Read More

අන්තර් වශ්වවිද්‍යාල ප්‍රමුඛ සිිසු ජන ව්‍යාපාරය විසින් කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලිිය ගහ මන්දිරය වටලා විරෝධතාවක නිරතවෙමන සිටිියි.

Read More

සහනාධාර මත කාබනික පොහොර ලබාදීමේ වැඩපිළිවෙළට අමතරව ඉදිරියේදී ගොවීන්ට රසායනික පොහොර සඳහා යම් සහනාධාරයක් ගෙවීමටත් සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුව තුළ බලය පෙන්වන පාර්ශ්වයකට බල හුවමාරුවක් කිරීමට තමන් සූදානම් බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් කල්භාරනොගත් කිසිදු තනතුරක් දැන් භාරගැනීමටද සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

Read More

ජන පීඩක ආණ්ඩුවට ගෙදර යන ලෙසට බල කරමින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදහසක් පමණ අද (4දා) බදුල්ලේදී උද්ගෝෂණය කළහ .

Read More

විදුලිය, ඉන්ධන, ගෑස් හා ආහාර අර්බුදය ඇතුළු ජනතාව මුහුණ පා සිටින වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණය කිරීමට කෙටි කාලීන හා දිගු කාලීන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජයට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශේෂ්ඨාධිකරණය අද (04දා) අවසර දුන්නේය.

Read More

දරාගත නොහැකි ජීවන වියදමට එරෙහිව සහ රජයට විරෝධය පළ කරමින් ගම්පහ නගරයේ සිට යක්කල මාර්ගය ඔස්සේ අද (4දා) සවස ගමන් ගත් විරෝධතාකරුවන් පිරිසක් බණ්ඩාරවත්තේ පිහිටි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ කාර්යාලය අසලදී උද්ඝෝෂණය කරමින් කාර්යාලයට බිත්තර ප්‍රහාරයක්ද එල්ල කළේය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කළ පරිදි සර්ව පාක්ෂික අන්තර්වාර රජයකට එක්නොවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

Read More

වත්මන් පාලනයට එරෙහිව මහනුවර පැවැති විරෝධතාවට එක්වූ තරුණ පිරිස් එම විරෝධතා අවසන් වීමත් සමග මාර්ග පිරිසිදු කිරීමට කටයුතු කරන අයුරු දක්නට ලැබෙයි.

Read More

අනාරක්ෂිත ලෙස නිවසේ පෙට්‍රල් ගබඩා කිරීම හේතුවෙන් එයින් හට ගත් ගින්නකින් වයස අවුරුදු 9 කුඩා පිරිමි දරුවෙකු දැඩි ලෙස පිළිස්සි එහිම මිය ගොස් සිටි ශෝචනිය සිදු විමක් අද (04දා) හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය.

Read More

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂමට වාර්ෂිකව ගෙවිය යුතු නියාමන ගාස්තුව එළැඹෙන ජුලි 30ට පෙර ගෙවන ලෙස සඳහන් කරමින් එම කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට ලිපියක් යොමුකර තිබේ.

Read More

යාපනය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨයන් හි අධ්‍යන කටයුතු අද (04දා) සිට නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට පියවරගත් බව යාපනය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පවසයි.

Read More

වත්මන් පාලනයට රැවටීමෙන් එයට සහාය දීම සම්බන්ධයෙන් තමන් රටේ සියලුම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.