saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5573 hours ago

LATEST

ඇපල් ගෙඩියක මිල 180ක් වෙයි

calendar_today 2022 මාර් 31 - 11:41 remove_red_eye - 495  

ඉතිහාසයේ පළමු වරට ආනයනික ඇපල් ගෙඩියක මිල රුපියල් එකසිය අසූවක් දක්වා ඉහළ ගොස් ඇතැයි මාතලේ පාරිභෝගික ජනතාව පවසයි.

මවුස්සාකැලේ ජලාශයේ සිට කැනියොන් ජල විදුලි බලාගාරය දක්වා ජලය රැගෙන යන භුගත උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පුරා මාස තුනක් තිස්සේ විදුලි උත්පාදනය නතර කර තිබු කැනියොන් ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු අද (31) දින සිට ආරම්භ කළ බව එම විදුලි බලාගාරයේ නිලධාරියෙකු පැවසිය.

Read More

වර්තමාන රජය කෙරෙහි දෙස් විදෙස් සියළු පාර්ශවයන්හි විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී ති⁣බෙන නිසා වෙළෙඳපොළවල් හිරවී අගුලු වැටී තිබෙන බවත් මේ ආකාරයෙන් මේ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

Read More

ප්‍රේල් 02 දා ඩීසල් තොගයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් එය විදුලි බල මණ්ඩලයට ලැබුණ හොත් අප්‍රේල් 02 දායින් පසුව දැනට සිදුකරන පැය 10 ඉක්මවූ විදුලිය කප්පාදුව පැය 4ට අඩුවෙන් පවත්වාගෙන යාමට හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා පැවැසීය.

Read More

රටේ පවතින තත්ත්වය සමග එක් වරම අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක මිල ගනන් පැයෙන් පැය දිනෙන් දින ඉහළ දැමීමේ සැලසුමක් රට පුරා ප්‍රබල ව්‍යාපාරිකයින් විසින් සිදුකරගෙන යන බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමට Comments පළ කිරීමට තිබූ අවස්තාව එහි පරිපාලකයන් විසින් අවහි කර තිබේ.

Read More

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා හා තවත් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. ඒ තම මරණ දඩුවම සම්බන්ධයෙන් ඔවුන් ගොනු කළ ඇපෑලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

Read More

අද (31දා) හා හෙට (01දා) දිනයේදී කොටස් වෙළඳපොළේ කටයුතු පැය 2කට පමණක් සීමා වන බව කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කරයි.

Read More

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බව එරට ජ්‍යෙෂ්ඨ නායකයෙක් පවසයි. පකිස්තාන මාධ්‍ය ආයතනයකට අදහස් දක්වමින් පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ ප්‍රබලයෙකු වන ෆයිසාල් වව්ඩා කියා සිටියේ අගමැති ඛාන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා තම ෆේස්බුක් ගිණුමට අද පෙරවරුවේ සටහනක් එක්ක තිබුණා. එම සටහනින් ඔහු පවසා තිබුණේ ’මම සූදානම් ඒත් ඔබ සුදානම් නැතිවීමයි අර්බුදය’ යනුවෙනි.

Read More

ජාතික සත්වෝද්‍යාන දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ෂර්මිලා රාජපක්ෂ මහත්මිය එම ධුරයෙන් ඉවත් කර තිබේ.

Read More

හිටපු අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න මහතා අභාවප්‍රපාත්ත වී තිබේ. අසනීප තත්ත්වයකට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31දා) අලුයම මෙසේ ඔහු අභාවප්‍රාත්ත වී තිබේ.

Read More

රටට අවශ්‍ය තීරණාත්මක යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා භාවිත කරන විදේශීය තාක්ෂණික මෘදුකාංග මත යැපීම වළක්වාලීමට රුසියානුවන්ට ඉලක්කයක් ලබාදෙයි.

Read More

ජාතීන් දෙක අතර සබඳතාවලට ’’නව අභියෝග’’ තිබියදීත්, ’’ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට දෙපාර්ශ්වයේම කැමැත්ත වඩාත් ශක්තිමත් වී ඇති’’ බව චීන විදේශ අමාත්‍ය වැන්ග් අවධාරණය කළේය.

Read More

බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නොමැති වීම හේතුවෙන් හෙට (31දා) දිනයේදී පැය 13ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

Read More

යුක්රේනය සමග සාම සාකච්ඡාවලදී රුසියාවේ ප්‍රධාන සාකච්ඡාකරු ව්ලැදිමීර් මෙඩින්ස්කි බදාදා කියා සිටියේ කියෙව් නිල වශයෙන් මධ්‍යස්ථ රාජ්‍යයක් වීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇති බවය.

Read More

යාපනය පන්නෙයි ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හින්දු කෝවිල් දෙකක තිබූ පිං කැට කඩා මුදල් සොරාගන්නා ලද අයෙකු ඊයේ (29දා) දින අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

Read More

’’18 වැනි චීන කොමියුනිස්ට් පක්ෂ ජාතික සම්මේලනයේ සිට, පාරිසරික ශිෂ්ටාචාරයේ සංවර්ධනය, වන වගාව දියුණු කිරීම සහ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන පරිසරය වැඩිදියුණු කිරීම, පිරිසිදු ජලය සහ සශ්‍රීක කඳු අගනා වත්කම් බවට පත්කිරීමට අපි එකඟ වී සිටිමු’’ ෂී පැවසීය.

Read More

මේ රජයේ ඇතිකළ අර්බුදය වසරක් තිස්සේ එන්න එන්න උග්‍ර වෙනවා විනා විසඳුමක් නැත. රට වටේ පැය 10 ක් විදුලිය කපනවා. මෙහි අහිතකර බලපෑම් නිවැසියන්ට කුඩා ව්‍යාපාරිකයන්ට කුඩා කර්මාන්ත කරුවන්ට ව්‍යාපාරිකයන්ට හා සියලු ක්ෂේත්‍රයන්ට බෙහෙවින්ම බලපානවා යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

Read More

සංචිත මුදල් (ඩොලර් හා යූරෝ) පිළිබඳ විශ්වාසය ’’උදෑසන මීදුම මෙන් මැකී යමින්’’ පවතින අතර, මෙම භූමිකාව තුළ ඩොලරය සහ යුරෝ අතහැර දැමීමේ අපේක්ෂාව තවදුරටත් එවැනි යථාර්ථවාදී නොවන අපේක්ෂාවක් ලෙස නොපෙනෙන බව’’ හිටපු රුසියානු ජනපති දිමිත්‍රි මෙද්වදෙව් සඳහන් කළේය.

Read More

රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා ඇන්තූරියම් මව් ශාක පදුරු තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ සිට මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයෙකු අද (30දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

Read More

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නව නිලධාරි මණ්ඩලයක් එම පක්ෂයේ ජාතික සභාව විසින් අද (30දා) පත්කරගෙන ඇත.

Read More

ග්‍රෑන්ඩ්පාස් බණ්ඩාරනායක වටරවුමේ දී ටාටා වර්ගයේ ට්‍රක් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කෝටි 5ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහතා අද (30දා) බණ්ඩාරවෙල ක්‍රීඩා පිටිය විවෘත කිරීමේ උත්සවයකට පැමිණීමට නියමිතව සිටියද ජනතා විරෝධය හමුවේ ඇමැතිවරයා මෙම උත්සවයට නොපැමිණියේය.

Read More

රාජපක්ෂ පාලන සමයේ ඩොලර් බිලියන 19ක් රටින් පිටතට නීති විරෝධීව ගමන් කොට ඇතැයි Illicit Financial Flows to and from Developing Countries: 2005-2014 නම් වාර්තාව මගින් හෙළිදරව් කොට ඇතැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

යාපනය කෝපායි පොලිස් වසමේ යෝගපුරම් ප්‍රදේශයේදී රන් ආභරණ කොල්ලකෑමක් සමබන්ධයෙන් ඊයේ (29දා) සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට කොල්ලකරුවන් විසින් වැලි ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට මත්තල දක්වා දිවෙන කොටසේ ස්ථානයකින් ආරක්‍ෂිත වැට කඩා දමමින් අධිවේගී මාර්ගය හරහා වන අලියෙකු ගමන් ගෙන තිබේ.

Read More

ඩිසල් ඉන්ධන ඉල්ලා බස් රථ,වැන් රථ ඇතුළු වාහන රියදුරන්, කොන්දොස්තරවරුන් සහ හිමිකරුවන් අද (30දා) දහවල් හැටන් නගර මධ්‍යයේ බස් නැවතුම්පොල අසලින් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ආරම්භ කල උද්ඝෝෂණයක් හේතුවෙන් ලංගම බස් රථ ඇතුළු සියළුම වාහන ගමනා ගමනයට බාධා ඇති විය.

Read More

යාපනය කයිට්ස් අල්ලපිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසයකදී නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1828 ක්, එනසාල් සහ කෘෂි රසායන බෝතල් තොගයක් සමඟ සැකකරුවෙක් අද (30දා) අලුයම අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුවෙක් ඊයේ (29දා) විශ්වවිද්‍යාල නේවාසිකාගාරය තුලදි සියදිවි හානි කරගෙන ඇති බව පේරාදෙනිය පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.