saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5565 hours ago

LATEST

මිරිහානේ සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරු 400 පෙනී සිටියි

calendar_today 2022 අප්‍රේ 02 - 09:20 remove_red_eye - 925  

මෙම නීතිඥයින් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ ගාස්තු අයකිරීමකින් තොරව වෙයි. එසේම පොලීසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිම වෙනුවෙන් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේදී සැකකරුවන්ව අත්පොළසන් දී නීතිඥවරු විසින් පිළිගත් අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ සැකකරුවන් පිරිසක් අත්පොළසන් දී නීතිඥවරු විසින් පිළිගත්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් සමග ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය හමුවේ ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධය ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි අවධානනයක් යොමුකර තිබේ. මෙම සිදුවීම් ජාත්‍යන්තරයේ ප්‍රධාන මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අතිරේක ලේකම්වරු හා සහකාර ලේකම්වරු 12ක් පත්කර තිබේ. මේ අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයෙක් මෙන්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු දෙදෙනෙක්ද වෙයි.

Read More

තමන්ව ඉවත් නොකළහොත් පකිස්ථානයට ප්‍රතිවිපාක අත්විඳිය හැකි බවට විදෙස් රාජ්‍යයක් තර්ජනය කරන බවට ඉම්රාන් ඛාන් ප්‍රකාශ කිරීමෙන් පසුව, අගමැති ඝාතන සැලැස්ම හෙළිදරව් වී ඇතැයි එරට තොරතුර අමාත්‍යවරයා කියයි.

Read More

යුක්රේනය විසින් එරට දේශසීමාවට නුදුරු රුසියානු තෙල් පර්යන්තයනට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරය අනාගත සාකච්ඡා සඳහා යහපත් නොවන බව මොස්කව් අවධාරණය කරයි.

Read More

රටේ උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් විරෝධය පළකරමින් ගාල්ලේ නීතිඥවරු අද (01දා) දහවල් උද්ඝෝෂණයක නිරතවූහ.

Read More

එක්සත් ජනපදය ප්‍රමුඛ කණ්ඩායම සීතල යුද්ධයේ යල්පැන ගිය නිෂ්පාදනයක් බව බීජිං අවධාරණය කළේය.

Read More

පාර්ලිමේන්තුවට බලය පවරා ජනාධිපතිවරයා වහාම තම මව් රටට යා යුතු බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. රට තුළ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.

Read More

රුසියානු ජනාධිපතිවරයා පැවසුවේ ගෝලීය ආහාර අර්බුදයක් සමග අනිවාර්යයෙන්ම සංක්‍රමණ රැල්ලක් ඇති වන බවයි.

Read More

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම ඉන්ධන සහ ගෑස් ගැටලුව හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කොට ඇති බව පවසමින් මොරටු මහනගරසභා පරිශ්‍රයේ සිට පවතින රජයට සහ නගරාධිපති ඇතුලු කණ්ඩායමට බැන වැදුන ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම අද(1දා) පැවති මොරටු මහ සභාව නීතියානුකුල නොවන බව පවසමින් නාගරික කොමසාරිස් වරයාට ලිපියක් භාර දෙනු ලැබීය.

Read More

ලන්ඩනය සහ වොෂිංටනය හොංකොංහි දේශපාලන නිදහස පිළිබඳ වාර්තා ප්‍රකාශයට පත්කිරීමත් සමග, හොංකොං එක්සත් ජනපදයට සහ එක්සත් රාජධානියට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය, අප්‍රේල් 08 සිකුරාදා පැවැත්වීමට අද (01දා) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී තීරණය කෙරුණු බව, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

මිරිහාන පැඟිරිවත්ත ආසන්නයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් ඊයේ (31) රාත්‍රියේ සිදුවූ ප්‍රචණ්ඩකාරී සිද්ධියෙන් රුපියල් මිලියන 39ක පොදු දේපලවලට හානි සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Read More

ඊයේ (31) රාත්‍රියේ ඇතිවූ සිද්ධිය සහ පැනවූ ඇඳිරිනීතය හමුවේ නැවත ඇඳිරිනීතය පැනවීමේ කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Read More

මඩ සෝදා ගත් කල රජ කමට සුදුසු ගොවියා මේ මොහොතේ හිඟනුන් බවට පත් කර තිබෙන බව පවසමින් සහ, ගොයම බාලවී අස්වැන්න අඩුවීම හේතුවෙන් ණය වලට මැදිවී සිටින තමන් ඇතුළු මහවිලච්චියේ ගොවි ජනතාවට සිංහල අවුරුද්දට පෙර වහා සහනයක් ලබා දෙන ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා ගොවි සංවිධානයක සභාපතිවරයෙකු ඊයේ (31දා) විරෝධතාවයක නිරත විය.

Read More

ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ සිදුක විරෝධතාව යම් යම් පක්ෂ ක්‍රියාකරුවන් විසින් සිදුකල දෙයක් බවත් ඔවුන් සීමාව ඉක්මවා යාමේදී ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත අවම බලය යොදමින් උද්ඝෝෂකයන් විසිරුවා හරින ලෙස උපදෙස් දුන් බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.

Read More

ඩීසල් නොමැති වීම, ගෑස් මිල ඉහල දැමීම සහ අයිස් මිල ඉහල යෑම ඇතුළු ධීවරයින්ට බලපා ඇති ගැටලු වලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් ගාල්ලේ ධීවර ප්‍රජාව අද (01දා) දහවල් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය බස් නැවතුම්පල ඉදිරිපිටින් අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.

Read More

තමා පදිංචි ඉඩම සහ නිවස උකස් කර ලබා ගත් ලක්ෂ 8 ක මුදලකින් නිධන් වස්තු තොගයක් මිලදී ගැනීමට ගිය යුද හමුදා සෙබළකුගේ එම මුදල් වංචා කර පලා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (31දා) විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

සිමින්ති කොට්ටයක මිල රුපියල් 500කින් මිල ඉහල දැමීමට තීරණය කර තිබේ

Read More

නුවරඑලිය මහ නගර සභාව විසින් අද (01දා) සිට මේ මස (30දා) දින දක්වා පවත්වන වසන්ත උදානය නතර කරන ලෙස බල කරමින් ප්‍රදේශවාසින් පිරිසක් වසන්ත උදාන සමාරම්භ උත්සව භුමියට කඩා වදි.

Read More

තම වාහන සදහා ඩීසල් ලබා දෙන ලෙස ඉල්ලමින් පිරිසක් අද (1දා) උදෑසන සිට පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයෙන් මාර්ගය සම්පුර්ණයෙන් වසා දමා ඇති බව මදුරන්කුලිය පොලිසිය පවසයි.

Read More

මෙරටුව වඩු කාරිමිකයන් පිරිසක් විල්ලෝරාවත්ත දැව සංස්ථාව ආසන්නයේ සිට පාගමනින් විරෝධතාවයකින් මොරටුව මහනගර සභාව දෙසට පැමිණ ඇත.

Read More

මෙරට පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජයට රටපුරා මතුව ඇති විරෝදය හමුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව ඔහු දරමින් සිටින මුදල් ඇමතිධූරයෙන් ඉවත් කිරීමට බොහෝ පාර්ශවයන් රජයයට ඉල්ලීම් ලැබෙන බව වාර්තා වෙයි.

Read More

නුවරඑළිය කාල්ටන් පෙරපාසලේ පැවැත්වීමට සැලසුම් කර ඇති අවුරුදු උත්සවය නැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

UPDATE නුගේගොඩ මිරිහාන ඇඹුල්දෙණියෙහි පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ ඊයේ රාත්‍රියේ පැවති විරෝධතාව අතරතුර බස් රථ සහ වාහන රැසකට ගිනි තැබූ බව කියන පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

මඩකලපුව එරාවුර් පොලිස් වසමේ අයියන්කේනි ප්‍රදේශයේ අපරාධ ක්‍රියාවන්වලට සම්බන්ධ සිව්දෙනෙකු අද (01දා) උදෑසන අත්අඩංගුවට ගත් බව මඩකලපුව දිස්ත්‍රික්ක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පි එස් බණ්ඩාර පැවසිය.

Read More

රට තුළ භාණ්ඩ මිල ඉහළ යාම සහ උද්ධමනයට එරෙහිව රට පුරා විරෝධතා මතුව ඇති අතර, මෙහි කූඨප්‍රාප්තියක් ලෙස ජනපතිට එරෙහි විශ්වාසභංගය කරළියට පැමිණ ඇත.

Read More

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වූ දුම්රිය මැදිරි 120ක් ධාවනයට එක් කිරීමට නොහැකිව තිබියදී නැවතත් එම වර්ගයේම මැදිරි 40ක් මෙරට ගෙන්වා තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

පූටින්ව ඔහුගේ හමුදාව විසින්ම නොමග යවන බවට වූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ක්‍රෙම්ලීනය කියා සිටියේ රුසියාව ක්‍රියා කරන ආකාරය එක්සත් ජනපදයට නොතේරෙන බවයි.

Read More

නිශ්චිත වැඩපිළිවෙළක් නෑනේ. ලබන සඳුදා වෙනවා කියනවා, සමහර ඇමතිවරු ඇවිත් කියනවා අවුරුදු වෙනකොට කරන්ට් එකත් නෑ කියලා. කරන්න බැරි නම් කියන්න. එහෙම නැතිනම් කරන විදිය කියන්න. බැරිනම් කරන්න බැරිවුන් පැත්තකට වෙලා කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.