ලංගම ඩිපෝ මගින් බස්රථවලට ඉන්ධන නිකුත් කිරීමේදී ලංගම බස්රථ අමතක කර පෞද්ගලික බස්රථවලට හා ජවාරම්කරුවන්ට අධික ලෙස ඩීසල් ලබාදීම නිසා සමහර අවස්ථාවල ලංගම බස්රථවලට ඩීසල් නොමැති වන බව ශ්‍රී ලංගම පොදු සේවක සමිතිය සඳහන් කරයි.
ලංගම සතු ඉන්ධන පිරවුම්හල්වලින් ජාවරම් ක්‍රියා සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අද (27දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලා සිටි බවද එම සංගමයේ සභාපති සාගර ධංජය මහතා පැවසීය.
දහවල් කාලයේදී පෞද්ගලික බස්රථවලට සීමාවක් නොමැතිව ඉන්ධන ලබාදෙන නිසා සවස් කාලයේදී ඩිපෝවලට පැමිණෙන සමහර ලංගම බස්රථවලට ඩීසල් නොමැති වන බවත්, මේ නිසා ලංගමය සතු බස්රථවලට අවශ්‍ය ඩීසල් තොග තබාගෙන පෞද්ගලික බස්රථවලට ඉන්ධන නිකුත් කළ යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.
එසේ නොමැති වුවහොත් ලංගම බස්රථවලට ඉන්ධන නොමැති වීම මත ඒවා ඩිපෝවල නවතා තැබීමට පවා සිදුවිය හැකි බවත්, මේ වනවිටත් ලංගමය සතුව ප්‍රමාණවත් බස්රථ නොමැති වීම නිසා පාසල් සිසුන් හා මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත් වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ලංගමය විසින් ප්‍රමාණවත් තරම් බස්රථ ධාවනය නොකිරීම නිසා වාර ප්‍රවේශපත්‍ර ලබා ගන්නා සිසුන්ටත් යම් යම් අවස්ථාවල පෞද්ගලික බස්රථවලට මුදල් ගෙවා පාසල් යාමට හා නැවත නිවෙස් වෙත පැමිණීමට සිදුව තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.