ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය මගින් ශ්‍රී ලංකාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 57ක අරමුදල් ප්‍රමාණයක් ලබාගැනීමට ඇමෙරිකාව සමග ගිවිසුම් ගතවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජ්රජාතාන්ත්රික සමෘද්ධිමත් හා උපද්‍රවවලට ඔරොත්තුදීමේ හැකියාව ඇති ශ්‍රී ලංකාවක් සඳහා වූ වැඩසටහන නමින් වූ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මෙම ප්රදානය ලබා ගැනීමට නියමිතය.
2026 දක්වා වූ කාලය තුළ මෙම ප්රදානය ලබා ගැනීමට නියමිතය. මෙම ප්රදානය ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා සම්මුති පැවැත්වීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.