ඛනිජ තෙල් නිෂ්පාදනය කරනු ලබන රටවල්හි ස්ථාපිත තෙල් තමාගම සමග දිගුකාලීනව ගිවිසුම්ගත වී මෙරට විදේශ විනිමය ගැටලුවට පීඩනයක් ඇති නොවන ආකාරයට එම සමාගම්වල අරමුදල් උපයොගී කරගනිමින් ඉන්ධන ආනයනය කර අලෙවි කිරීම සඳහා එකී සමාගම්වලට අවසර දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ අනුව විධිමත් ක්‍රම වේදය අනුගමනය කරමින් තෝරාගනු ලබන තෙල් සමාගම් සමග දිගුකාලීනව ගිවිසුම්ගත වී ශ්‍රී ලංකාව සඳහා ඉන්ධන ආනයනය, බෙදා හැරීම හා අලෙවි කිරිමට එම සමාගම්වලට අවස්ථාව හිමිවෙයි.
රටේ සමස්ත ඉන්ධන සැපයුමෙන් සියයට 90කට පමණ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දායකත්වය දරණ අතර ඉතිරි සියයට 10 ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් දරයි.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන අමාත්‍ය කාංචන විජේසේකරන මහතා පවසන්නේ අදාළ සමාගම් වෙත මේ වන විට සිපෙට්කෝ අයිතිය යටතේ ඇති ඉන්ධන හල් මෙන්ම නව ඉන්ධන හල් විවෘත කිරීමටද අවස්ථාව ලබාදෙන බවයි.