ඩොලර් ආදායම් උපයන සමාගම්වල විදුලි බිල්පත් ඩොලර් වලින් ලබාගැනීමට අවධානය යොමුව ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. මෙසේ ඩොලර් උපයා ගැනීම හරහා ලංවිමට අවශ්‍ය අමතර කොටස් හෝ ඉන්ධන ආනයනය කිරීමට එම ඩොලර් යෙදවීමට අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.