මාරවිල තුම්මෝදර ප්රදේශයේ නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කර ගබඩා කර තිබූ ස්ථානයක් ඊයේ (27දා) සවස වටලා එහි ගබඩා කර තිබු ඩීසල් ලිටර් 900 ක් සොයා ගත් බව මාරවිල පොලීසිය කියයි.
ඩීසල් ලීටර් නවසීයකට ආසන්න ප්රමාණයක් අඩංගු ප්ලස්ටික් බැරල් හතක් මෙහිදී සොයාගත් බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත් ඩීසල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහකට ආසන්න බව පොලීසිය කියයි.
මාරවිල පොලිස් වසමට අයත් බටහිර තුම්මෝදර ප්රදේශයේ වැලි එක්රැස්කොට අලෙවි කිරීමේ ස්ථානයක සගවා තිබියදී මෙම ඩීසල් තොගය පොලීසිය විසින් සොයාගෙන තිබේ.
නාත්තන්ඩිය නගරයට ආසන්න තුම්මෝදර ප්රදේශයේ පිහිටි ඉන්ධනපිරවුම් හලකින් මෙම ඉන්ධන තොගය සූක්ෂම ලෙස ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තිබේ.
