ලාංකිකයන් මේ වන විට මුහුණ දෙමින් සිටින්නේ තමා කලින් සඳහන් කළ අසීරුතම සති තුනක කාලය බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කොළඹ දී අද (29දා) පැවසීය.
ඉන් පසුව එළැඹෙන කාලය මීට වඩා ක්රම ක්රමයෙන් හොඳ අතට හැරෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද අග්රාමාත්යවරයා සඳහන් කළේය.
පුවත්පත් කතුවරුන් සමග කොළඹ අග්රාමාත්ය කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී රනිල් වික්රමසිංහ මහතා මේ බව කීය.
