රටේ වත්මන් තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජයට වහා ඉවත්වන ලෙස බලකරමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරින් කණ්ඩායමක් විසින් අද (30දා) ගාලුකොටුපවුර මතදි විරෝධතාවයක නිරත වු අතර එහිදී යුද හමුදාව හා පොලිසිය විසින් විරෝධතාකරුවන් ඉවත්කිරිමට යාමේ දි උණුසුම් තත්වයක් ඇතිවිය.
තම අත තිබුපෝස්ටර් ඉරාදැමීමට උත්සාහ කළ බව විරෝධතාකරුවෝ පැවසූහ. ගාලු කොටුපවුර යනු ඕනැම පුද්ගලයෙකුට නිදහසේ ප්‍රවේශවිමට ඇති ස්ථානයක් බවත් පුද්ගලයකුගේ අදහස් ප්රකාශකිරිමට බාධා කිරිමට පොලිසියට හෝ යුද හමුදාවට අයිතියක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිතිඥ ජි.එච්.අජිත් කුමාර මහතා එහිදීපැවසීය. මේ පිළිබඳව ශ්‍රිලංකා නිතිඥ සංගමයට ද දැනුම් දි ඇත.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්