නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 46 දෙනෙකු අත් අඩංගුවට ගත් එරට වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන්, අද (30දා) උදෑසන ඕස්ට්‍රේලියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පිටුවහල් කර එවා තිබේ .
මොවුන් හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර , මෙසේ පිටුවහල් කර එවා ඇති පිරිස අතර වයස අවුරුදු 05 ට අඩු කුඩා දරුවන් දෙදෙනෙකු ද සිටිති .
මෙම පිරිස ඕස්ට්‍රේලියාවට අයත් ඒ.එස්.වයි.- 978 දරන විශේෂ ගුවන් යානයෙන් කෝකෝස් දූපතේ සිට අද (30දා) උදෑසන 08.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානය තුළ ශ්‍රී ලාංකිකයන් සමග එරට ආරක්ෂක අංශයේ නිලධාරීන් 100 කට අධික පිරිසක් ද පැමිණ තිබුණි .
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , මෙම ගුවන් යානයෙන් පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිස භාර ගෙන කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .
පසුව මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ගුවන් තොටුපළ ජාතික රහස් ඔත්තු සේවයේ නිලධාරීන් වෙත යොමු කර තිබෙන අතර , ඉන්පසුව මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ද යොමු කිරීමට නියමිතය .
එහිදී මොවුන් ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව , මෙම පිරිස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .