කටාර් චරිටි අරමුදල වෙත ලංකාව පනවා තිබූ තහනම ඉවත් කිරීමට කටයුතු කර ඇති බව මේ වන විට කටාර්හි සංචාරයක නිරත විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචින විජේසේකර මහතා එම අරමුදලේ පරිපාලනය වෙත දන්වා තිබේ.
මේ වන විට කටාර්හි සංචාරයක නිරත අමාත්‍යවරයා එම අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයන් හමුවූ අවස්ථාවේදී මෙ බව දන්වා තිබේ.
2019 වසරේදී මෙම අරමුදලට පනවා ඇති තහනම ඉවත් කිරිමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය විසින් නීතිපතිට දන්වා ඇති බවද කංචන විජේසේකර මහතා ඔවුන් වෙත දන්වා තිබේ.