දුම්රිය සේවකයින්ට සේවා ස්ථානයට පැමිණීමට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම මත ඇතිවී තිබෙන සේවක හිඟය නිසා ඉදිරි දිනවලදී තවත් දුම්රිය අවලංගු වියහැකි බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ ඉන්ධන හිඟය රටම මුහුණදී සිටින ගැටලුවක් වීම නිසා දුම්රිය රැසක් අද (29දා) අවලංගු කිරීමට සිදුවූ බවත් ඉදිරි දිනවලදී තත්ත්වය තවත් බරපතල විය හැකි බවත්ය.