පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ලිපිනයන් සහ දුරකතන අංක පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ.
මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන ඔවුන්ගේ ඉල්ලීම පරිදි එම විස්තර මෙසේ ඉවත් කර ඇත.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සටහන්වී තිබූ මන්ත්රීවරුන්ගේ දුරකතන අංකවලට පසුගිය කාලයේදී විවිධ පුද්ගලයන් විසින් දුරකතන ඇමතුම් ලබාදී ඔවුන් අපහසුතාවයට ලක්වන ආකාරයෙන් කටයුතු කරන ලදැයි කියන සිදුවීම් ගණනාවක් පිළිබඳවද තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.