saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5416 hours ago

LATEST

බ්‍රසීල මැතිවරණ නිරීක්ෂණය කිරීමට යුරෝපය එන්නෑලු

calendar_today 2022 මැයි 03 - 18:45 remove_red_eye - 145  

බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ රජය යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් මැතිවරණයට පැමිණීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ.

නුගේගොඩ සති පොල ආසන්නයේ ගරාජයක අලුත්වැඩියාවක් සඳහා ගාල්කර තිබූ රුපියල් ලක්ෂ හැටකට ආසන්න වටිනාකමින් යුත් මෝටර් රථයක් සොරාගත් පුද්ගලයෙකු අද (03දා) අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

මින් ඉදිරියට රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනිම වෙනුවෙන් ඉල්ලිම් නොකරන බවත් නිදහස වෙනුවෙන් සටන් කිරීමට කටයුතු කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

මහනුවර පොල්ගොල්ලවේල්ල අසල මහවැලි ගඟේ දිය නාමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු ජලයේ ගසාගෙන යමින් සිටියදී පොලිස් නිලධාරි‍යෙකු මැදිහත්ව එම සිසුන් දෙදෙනා බේරා ගෙන ඇති බව කටුගස්තොට පොලීසිය පවසයි.

Read More

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලා පිරිසක් කොළ කොටුව ජනපති මන්දිරය අසළට ගොස් විරෝධතාවක නිරත විය. උන්වහන්සේලා මහ බැංකුව අසළින් ජනපති ලේකම් කාර්යාලයට පිවිසිමට ඇති ගේට්ටුව විවෘත කරමින් ඉදිරියට ගමන් කළහ.

Read More

වතුකරයේ ඉස්ලාම් භක්තිකයන් අද (03දා) යෙදී ඇති රාමසාන් උත්සවය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබයි.

Read More

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් CB 2865 රථය හිටපු අමාත්‍යවරු දෙදෙනෙකු විසින් අයතා පරිහරණය කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හෙළිකිරීමක් කළේය.

Read More

ජනපතිට සහ රජයට එරෙහිව විශ්වාසභංග 02ක් සමගි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත අද (03දා) පාර්ලිමේන්තුවේදී භාර දුන්නේය.

Read More

ආර්ථික වශයෙන් විපතට පත් වි ඇති මේ රට ඉන් මුදා ගැනිමට ජනාධිපතිවරයත් , ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් , සමස්ත රටේ ජනතාවත් එකට එකතු වි කටයුතු කල යුතු බවත් මාතෘ භුමිය රට පාලන කරන අයගේවත් , විපක්ෂයේ සියළු දෙනාගේවත් නොව මේ රටේ සියළු ජනතාවගේ සම්පතක් බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමුව පළාත් ප්‍රධාන සංඝ නායක , පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය.

Read More

ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමේ නියෝජිතයන් හා සමගි ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (03දා) පෙරවරුවේ පවත්වා තිබේ. මෙහිදී ජාතික එකඟතා ආණ්ඩුව පිළිබඳව, විශ්වාසංභංග යෝජනාව හා නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන් සාකච්ඡාවට පත්ව තිබේ.

Read More

රට වැටී තිබෙන බැරෑරුම් තත්ත්වය තේරුම්ගෙන ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනා මේ මොහොතේ රට වෙනුවෙන් යම්කිසි පරිත්‍යාගයක් කළ යුතුව තිබෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මහනුවරදී පැවසීය .

Read More

(LONG READS) දූෂණ ගණුදෙනු පිළිබඳව හෙළිදරව් කිරීම වෙනුවෙන් අද පෙවරුවේ පැවැති වැඩසටහනේදී අනුර කුමාර දිසානායක මහතා ගණුදෙනු රාශියක් හෙලි කළේය. මේ එම ගනුදෙනු කිහිපයකි.

Read More

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රබල රාජ්‍ය ඇමතිවරයකුගේ ආධාරකරුවකුගේ නිවස පිටුපස දරගොඩක සගවා තිබු ටී 56 ගිනි අවියක් හා තවත් උපකරණ රැසක් සමග ප්‍රධාන සැකකරුවකු ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිළධාරින් අද (03දා) අලුයම අත්අඩංගුවට ගත් බව පවසයි.

Read More

ව්‍යාපාරිකයෙකුට අයත් බව පැවසෙන මෝටර් රථ දෙකකට සහ යතුරු පැදියකට අද (03දා) ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය පවසයි.

Read More

යාපනය පේදුරුතුඩුව වල්ලෙයිවේලී ප්‍රදේශයේදී පෞද්ගලික හෝටලයක දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකදී බෝතල් ප්‍රහාරයකට ලක් වූ තරුණයෙකු ඊයේ (02දා) සවස මිය ගොස් ඇතැයි නෙල්ලිඅඩි පොලීසිය පවසයි.

Read More

රාජපක්ෂ පවුල්වල සාමාජිකයින්ට ලබාදී ඇති ගරු නම්බුනාම වහාම ඉවත්කරන ලෙසත්, රාජපක්ෂ පවුලේ පාංශුකූල පිංකමකටවත් සහභාගී නොවන ලෙසත් ඉල්ලා විශේෂ සංදේශයක්ද මෙහිදී භාරදෙන ලදි.

Read More

කූඨ ලෙස තැනූ ව්‍යාජ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු අද (03දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

ප්‍රවීණ රංගන ශිල්පි විල්සන් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 76 වැනි වියේ පසුවූයේය. සිංහල සිනමාවේ දුෂ්ඨයාගේ චරිත හරහා ඔහු ප්‍රේක්ෂකයන් අතරට පිවිසියේය.

Read More

වෙළඳපොළේ සහල් මිල පාලනය කිරීම සඳහා රජය සහල් සඳහා පාලන මිළ පැනවූ ද පාලන මිලට වඩා අඩුවෙන් වෙළඳපොලේ සහල් අලෙවි කිරීමට ඇති නිසා පාරිභෝගික ජනතාව මෙන්ම වෙළඳ සැල් හිමියන් ද පාලන මිල සම්බන්ධයෙන් දැඩි විමතිය පළ කරමින් සිටිති.

Read More

මේ 11 හමාරෙන් වැලිසර නාවික හමුදා කඳවුරේ අඩියක් උස බුදු පිළිමයක් හදනවා සඳහිරු සෑයෙ තැන්පත් කරන්න. මේ අච්චුවෙන්ම ඊට සමානව තවත් පිත්තලවලින් පිළිම දෙකක් හදනවා. ඊට අමතරව පිළිමතලාවේ අඩි එක හමාරක හා අඩි දෙකහමාරක පිළිම දෙකක් හදනවා. ඊට පස්සේ අඩියේ බුදු පිළිම දෙක සඳහා රන් අලේප කරනවා.

Read More

යාපනය ඉලවාලෙයි පොලිස් වසමේ පිරාම්පිඩ්ඩු, පණ්ඩිතිරිප්පු ප්‍රදේශයේ ගිනිගැනීමක් හේතුවෙන් සාමාන්‍ය පෙළ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් ඊයේ (02දා) මිය ගොස් ඇතයි පොලීසිය පවසයි.

Read More

අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ සභාපතිවරයාට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේම විමර්ශනයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසිය.

Read More

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් බිඳ වැටි ඇති බව විදුලි බල මණ්ඩලය විසින් දන්වා ඇතැයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ජීවන වියදම් ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික විසදුම් ලබාදීම පිණිස ජනපති වරයාගේ සභාපතිත්වය යටතේ අග්‍රාමාත්‍යවරයා හා අනෙකුත් අදාළ අමාත්‍යවරුන් හා රාජජ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම අනුකාරක සභාව පත්කරයි.

Read More

හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදි සිදුවූ බව කියන දූෂිත ගණුදෙනු පිළිබඳව ඔස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය ඉදිරිපත් කළ චෝදනාවලට තමන් හෝ තම පවුලේ අය සම්බන්ධ නොමැති බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසිය.

Read More

දූෂිත ගණුදෙනු කිහිපයකට අදාළ ලිපිගොනු කිහිපයක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අද ප්‍රසිද්ධ කළේය. කෙළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම ලිපිගොනු ප්‍රකාශයට පත් කළේය.

Read More

පසුගිය මාර්තු මාසයේදී මිය ගිය නැඳුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ඉන්දීය ආනයන හා අපනයන බැංකුව මගින් ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් යටතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඩීසල්, ප්‍රෙට්‍රල් හා ජෙට් A1 ඉන්ධන මිලදී ගැනීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

අඩු ආදායම් ලාභීන්ට ඉදිරි මාස තුනක කාලයක් සඳහා දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව ප්‍රතිලාභී පවුල් මිලියන 3.34කට මසකට රුපියල් 4455 බැගින් රුපියල් මිලියන 13364ක් වෙන් කිරීමට නියමිතය.

Read More

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් මෙම මස 06වැනිදා සිදුකරන හර්තාල් හා වැඩවර්ජන ක්‍රියාමාර්ගයට අනුව අනිද්දා (05දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක් දුම්රිය සේවකයන් සේවයෙන් ඉවත්වන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.