ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කිරීම වෙනුවෙන් අට දෙනෙකුගෙන් යුත් කමිටුව පත්කිරිමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කර තිබේ.
කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් යෝජනාවක් අනුව මෙම කමිටුව පත්කර තිබේ. ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කිරීමට අදාළ කමිටුව මසක් ඇතුළත සිය නිර්දේශ ඉදිරිපත් කළ යුතු වෙයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් මෙන්ම දානි ව්‍යාපාරය මන්නාරමේ ආරම්භ කිරීමට යන සුළං විදුලි ව්‍යාපෘතීය පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතාද මෙම කමිටුවට එක්ව සිටියි.
ආචාර්ය එස්. සමරතුංග - හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්
එම්.එම්.සී. ෆර්ඩිඩිනැන්ඩෝ - ලංවිම හිටපු සභාපති මෙන්ම හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්
ආචාර්ය සුසන්ත පෙරේරා - විදුලි බල මණ්ඩලයේ හිටපු සහකාර සාමාන්‍යාධිකාරී
තිලාන් විජේසිංහ - ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති
සාලිය වික්‍රමසූරිය - ඛණිජ තෙල් සංවර්ධන අධිකාරයේ සභපති හා වරාය නගර ආර්ථික කොමිසමේ අධ්යක්ෂ ජනරාල්
ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන - රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂමේ හිටපු නීති උපදේශක
නීතිඥ හර්ෂ ප්‍රනාන්දු - නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නීතිඥ
චන්දන විජේසිංහ - විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අධ්යක්ෂ