රේගු කටයුතු වලින් අනතුරුව නිදහස් කර ගත් සුදු ළුණු ටොන් 06 ක් සහිත අඩි 40 ක් දිග කන්ටේනර් රථයකින් හොර රහසේ සුදු ළුණු ගොඩ බාමින් සිටි පිරිසක් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඉකුත් 06 දා රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාට ලද තොරතුරක් අනුව රාගම පේරලන්ද ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර තිබිණි.
මහබාගේ නගරයේ භාණ්ඩ ගුදමක් වෙත සුදු ළුණු තොගය රැගෙන යන අතරතුර පේරලන්ද ප්‍රදේශයේ දී කන්ටේනර් රථයේ මුදෘ සුක්ෂම ලෙස කඩා දමා එහි තිබු සුදු ළුණු තවත් කුඩා ලොරි රථයකට පටවමින් සිටියදී මෙම වැටලීම සිදු කල බව පොලිසිය පවසයි.
ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු මෙම සුදු ළුණු තොගයෙන් කොටසක් හොර රහසේ රැගෙන යාමට සැලසුම් කර තිබී ඇත.
මෙහිදී පොලීසිය විසින් පුද්ගලයන් සිව් දෙනෙකු , ව්‍යාපාරිකයකු සමග ලොරි රථයක්, කන්ටේනර් රථය හා රුපියල් ලක්ෂ 07 ක මුදලක් අත් අඩංගුවට ගෙන තිබිණි. අත් අඩංගුවට ගත් සැකකරුවන් වත්තල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
ජා ඇල ප්‍රසංග පෙරේරා