saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 5418 hours ago

LATEST

රටේ උද්ධමනය තීරණය කරන වැඩවර්ජන

calendar_today 2022 මැයි 03 - 09:32 remove_red_eye - 1620  

(LONG READS) වැඩවර්ජනයන් හරහා බෝහෝ විට සිදුවන්නේ, රටේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාහේ අඩාළ වී යාමකි. එමගින් ඍජුවම මෙන්ම වක්‍රාකාරයෙන්ද රටේ සංවර්ධන ක්‍රියාවලියට මෙය බලපාන බව අපට හඳුනාගත හැකිය. වත්මනේ පවතින රජයට හා ජනාධිපතිවරයාගේ පාලන බලයේ ක්‍රියකාරීත්වය දැඩි විවේචනයට ලක් කරමින් උද්ඝෝෂණ මෙන්ම වැඩවර්ජනයන්ද

ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියනක ණයෙන් මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක වටිනාකමකින් යුත් වානේ ආනයනය කර ඇති බව මුදල් අමාත්‍යාශය සඳහන් කරයි.

Read More

රුසියානු බැංකුවල ගිණුම් විවෘත කිරීමට සහ රටේ බදු අධිකාරිය සමග ලියාපදිංචි වීමට විදේශීය සමාගම්වලට පහසු වන පරිදි රුසියානු බදු නීතිය සංශෝධනය කර තිබේ.

Read More

ශ්‍රි ලංකාවට අවශ්‍ය ඖෂධ, ආහාර හා ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් යුවාන් මිලියන 300ක ප්‍රදානයක් ලබාදීමට චීනය කටයුතු කර තිබේ. මේ අපසහු අවස්ථාවේදී ශ්‍රී ලංකා ජනතාවට සහායවිමට මෙම ප්‍රදානය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

චීනය 2022 මැයි 1 වැනි දින නැගෙනහිර එරට ෂීජියෑන්ග් පළාතේ හැන්ග්ෂෝ හිදී ඔමික්‍රෝන් ප්‍රභේදවලට එරෙහිව අක්‍රිය කළ එන්නතක් සඳහා සායනික පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. මෙ අනුව ඔහු එළැඹෙන 04 දා පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

Read More

’’දැන් වෙනත් රටවල නායකයන් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ දුරකථන ඇමතුම්වලට පවා ආපසු පිළිතුරු දෙන්නේ නැහැ’’ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොටස් හිමියකු ලෙස චීනය , ශ්‍රී ලංකාවේ ස්ථාවරය ධනාත්මකව සලකා බැලීමට සහ හැකි ඉක්මනින් එකඟතාවයකට පැමිණීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිරිගැන්වීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන බව ශ්‍රි ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසන්නේ සහේල් කලාපයේ ත්‍රස්ත ප්‍රහාර දිගින් දිගටම වැඩිවෙමින් පවතින බවයි.

Read More

ඒ අනුව සුදු සහ රතු නාඩු කිලෝවක් රුපියල් 220ක් ලෙස, සුදු සහ රතු සම්බා කිලෝවක් රුපියල් 230ක් ලෙස හා කීරි සම්බා කිලෝවක මිල රුපියල් 260ක් ලෙස යනාදී ලෙස මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

එක්සත් ජනපදය කියෙව්ට පොරොන්දු වූ හොවිට්සර් කාලතුවක්කුවලින් 80% ක් ලබා දී ඇති බව වොෂිංටනය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂය විශ්වාසභංගවලට විරුද්ධ නොමැති බවත්, නමුත් අගමැතිට එරෙහිව ගෙන එන විශ්වාසභංගයෙන් පසුව සිදුවන්නේ කුමක්දැයි පැහැදිලි කරගත යුතු බවත් එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මෙම සතියේ පාර්ලිමේන්තුව අනිද්දා (04දා) සිට එළඹෙන 06වැනිදා දක්වා දින 03ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Read More

06 දා පැවැත්වීමට නියමිත හර් තාලය වෙනුවෙන් වෛද්‍ය නිළධාරීන් හැර සෞඛ්‍ය සේවාවේ සියළු කාර්යමණ්ඩල සාමාජිකයන් මැයි මස 6 වෙනිදා උදේ 7 සිට පැය 24ක වර්ජනයක් කිරීමට වෘත්තීය සමිති ඒකමතික තීන්දුවක් ගෙන ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

Read More

ඉන්ධන ප්‍රමිතිය පිලිබඳ සැකයක් පවතින්නේනම් ඒ පිලිබඳව ඛණිජ තෙල් සංස්ථාවට දැනුම් දීම සඳහා දුරකතන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

Read More

මෙරට පොදු ජනතාව මේ වන විට පීඩා විඳින දුක් ගැහැට වලට දේශපාලකයන් මැදිහත්ව අවශ්‍ය විසඳුම් ලබා නොදී කල් මරමින් සිටීම හේතුවෙන් මින් ඉදිරියට කිසිදු දේශපාලනඥයකුට තමන් වහන්සේ බැහැදැකීම සඳහා අවසර ලබා නොදීමට මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් තීරණය කොට තිබේ .

Read More

කථික ලැයිස්තුවේ වරදක් තිබුණා. මට තේරුණා ඒක නායකතුමත් දැනගෙන හිටියා කියලා. කොහොමත් ඒක නිවරදි කළා. ඊට අමතරව වැරදි ගොඩක් එතන සිදුවුණා. පසුපෙළ මන්ත්‍රිවරු සමහර පිරිසක් ඒකට විරෝධය පාලා නැගිටලත් ගියා.

Read More

ශ්‍රී ලංකා සම්භවයක් ඇති පාපන්දු ක්‍රීඩිකා ජසින්ටා ගලබඩආරච්චි ස්කොට්ලන්ත PFA පාපන්දු සම්මාන උළෙලේදී වසරේ තරුණ ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ. ජසිින්ටා ලාංකික සම්භයක් ඇති ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩිකාවකි.

Read More

කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලයට සමගාමිව ජනපති ලේක්ම් කාර්යාලය ඉදිරිපිට වේදිකාවක් ඉදිකිරීම වැළැක්විම සඳහා අද පෙරවරුවේ පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවා තිබුණි.

Read More

වත්මන් අර්බුද විසඳා ගැනීම වෙනුවෙන් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 11 නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවේදී ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සංකල්පමය එකඟතාවකට පැමිණ තිබේ.

Read More

ඉන්ධන ප්‍රවාහන බවුසර් හිමියන් ආරම්භ කළ වර්ජනය තවත් සුළු මොහොතකින් අවසන් කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඒ ඔවුන්ගේ ඉල්ලිම් වලින් කිහිපයක් ලබාදිමටත් ඉතිරි ඉල්ලීමත් තවත් මාස දෙකකින් සමාලෝජනය කිරිමටත් බලධාරීන් එකඟ වීම හේතුවෙනි.

Read More

රාජපක්ෂ පවුලේ හා දූෂිත මැති ඇමතිවරුන් සම්බන්ධ දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් වන තොරතුර එළියට දමන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මීට පෙර සඳහන් කළේය.

Read More

ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සමාගමක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණයට අදාළව සිදුකරන විමර් ශනයක් තුළදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදී සිදුවූ බව කියන දූෂිත ගණුදෙනු පිළිබඳවද තොරතුරු හෙළි වී තිබේ.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබූ නවසීලන්ත දේශසීමා යළි විවෘත කිරීමට නවසීලන්තය කටයුතු කර තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවද එම දෙපාරත්මනේතුව සඳහන් කරයි. අද පස්වරු 12.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (03දා) පස්වරු 12.30 තෙක් වලංගු වෙයි.

Read More

රටේ ආර්ථික අර්බුදයට උද්ඝෝෂණවලින් විසඳුම් සෙවිය නොහැකි බවත් එමගින් සිදුවන්නේ ටේ ආර්ථික අර්බුදය තව තවත් උග්‍ර වීමක් පමණක් බවත් සංචාරක හා මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවට එරෙහිව අරගල කරන පිරිස මේ තත්ත්වය වටහා ගත යුතු බවයි.

Read More

විශේෂ අවශ්‍යතා ඇති තරුණියන් 5 දෙනෙක් හා තරුණයන් 5 දෙනෙක් එකම මොහතක පෝරුමස්ථකාරූඩවී දෑගිලි බැඳ සියළු මංගල චාරිත්‍ර සහිතව විවාහ වීමේ දුලබ මංගල උත්සවයක් බණ්ඩාරවෙල නාමල් හොටලයේදී ඉකුත් 29 දා පැවැත්විණ .

Read More

පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා වූ ඡන්දය සඳහා සමගි ජන බලවේගයෙන්ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි .

Read More

(VIDEO)ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා වත්මන් ආණ්ඩුවට එරෙහිව ලන්ඩනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඊයේ (01දා) සංවිධානය කළ විරෝධතාවට විශාල පිරිසක් එක්ව තිබේ. මෙම විරෝධතාව පැවැත්වූ ස්ථානය ඔවුන් ගෝඨාගෝගම ලෙසින් නම්කර තිබුණි.

Read More

මෙරටට සංචාරක පැමිණීම මාර්තු මාසයට සාපේක්ෂව 50%කින් පමණ අඩු වී ඇති බව වාර්තා වේ. ඒ අනුව පසුගිය මාසය තුළ මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 60,000කට ආසන්න ප්‍රමාණයකි. ඉකුත් මාර්තු මාසයේදී මෙරටට සංචාරකයන් 110,000කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ තිබේ. මෙරට දෛනික සංචාරක පැමිණීමද මේ වනවිට 1000-1500ත් අතර සංඛ්‍යාවක් දක්වා අඩු වී ඇත. මාර්තු මාසය තුළ දෛනික සංචාරක පැමිණීම සැලකීමේදී එය 4000-5000ත් අතර රැඳී තිබිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.