ගම්පහ, කෙහෙල්බද්දරදි සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
අද පෙරවරු 10.30 ට පමණ කොණ්ඩය කැපීමේ ස්ථානයක් අසලදී සිදුවූ වෙඩි තැබීමෙන් 20 හැවිරිදි අචිර රුවන් බෝඹුවල නමැති අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලිස්ථානය මගින් පරීක්ෂණ ආරම්භ කොට ඇත.