මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා චීන එක්සිම් බැංකුව විසින් ලබාදෙන ණය මුදල් අත්හිටුවීමත් සමග එම ව්‍යාපෘතිය ඉදිරිට පවත්වාගෙන යාම ගැටලු කාරී තත්ත්වයක් බවට පත්ව තිබේ.
චීන එක්සිම් බැංකුව මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 51ක ණය මුදලක් ලබාදීම අත්හිටුවා තිබේ. මේ අනුව රජය තවත් අර්බුදයකට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්තික අර්බුදය හා ශ්‍රී ලංකාව විසින් ණය ගෙවීම අත්හිටුවීම මෙසේ ණය මුදල් අත්හිටුවීමට හේතුව වෙයි.
මේ අනුව එම ව්‍යාපෘතියේ සෙවය කළ ලාංකිකයන් 2000කට පමණ සිය රැකියා සම්බන්ධයෙන් ගැටලු කාරී තත්තවයක් නිර්මාණය වී තිබේ.
එසේම චීන ජාතිකයන් 500තට ආසන්න සංඛ්‍යාවක්ද එම ව්‍යාපාතියේ සේවය කරන අතර ඔවුන් ශ්‍රි ලංකාවෙන් නැවත චීනය බලා පිටත්ව යාමට පටන් ගෙන තිබේ.
කඩවත සිට මීරිගම දක්වා වන මධ්‍යම අධිවේගයේ පළමු කොටසේ දිග කිලෝමීටර් 37කි.