මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය පෙරහැරේ පළමුවන රන්දෝලි පෙරහැර අද (7දා) හත් වනදා රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතය.
සිව් මහා දේවාලයන්හි පෙරහැර මහනුවර ශ්‍රී දළඳා මාළිගාව අභියසට පැමිණීමෙන් පසුව ශ්‍රී දළදා මාළිගාවේද පෙරහැර සමග එක්ව රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ කරයි.
අද 07 වනදා රාත්‍රී හතයි හතළිස් හතරට යෙදෙනෙ සුබ මොහොතින් වයඹ දිසාව බලා මෙවර පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ කරයි.
අද දින පෙරහැර දළදා වීදිය , ඩී.එස්.සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය,ඊ.ඇල් සේනානායක වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය ඔස්සේ පැමිණ ගෙවැදීමට නියමිතව තිබේ.
වසර තුනකට පසුව මහජන සහභාගීත්වයෙන් මෙවර ඓතිහාසික ඇසළ පෙරහැර පැවැත්වීම විශේෂත්වයක් වෙයි.
මොහොමඩ් ආසික්