වසර තුනකට වරක් වැටුප් වැඩිවෙන අයුරින් ලංකා විදුලි බල මණ්ඩලයේ හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ක්‍රියාත්මක සාමූහික ගිවිසුම් අවලංගු කළ යුතුව ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් වූ විවාදයට අද පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. මෙම සාමූහික ගිවිසුම් යටතේ සේවකයන්ගේ වැටුප් වසර තුනකට වරක් සියයට 25කින් වැඩිවෙන බවද අමාත්‍යවරයා පැවැසීය.