ස්ථිර පත්වීම් නොලැබූ උපාධිධාරීන්ගේ ගැටලුව විසඳනවා
උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමේදී, විවිධ ගැටළු නිසා පත්වීම් නොලැබූ පිරිසගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
විවිධ අඩුපාඩු නිසා 461 දෙනෙකුට පත්වීම් ලැබී නොමැති බවට, විපක්ෂ නායකවරයා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, දැනටමත් මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය ලේකම්වරයා සාකච්ඡා ආරම්භ කර ඇති බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා..
" නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂ නායකතුමා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ තිබෙන දෙපාර්තමේන්තුවල, සුදුසුකම්ලාභී, තවමත් ස්ථීරත්වය ලබා නොමැති සංඛ්‍යාව පිළිබඳව සඳහන් කළා. දැනටමත් මේ ප්රශ්නය ගැන අමාත්‍යංශ ලේකම්තුමා සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. එයට විසඳුමක් ලබා දීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. "
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

