ජනපතිවරයා රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලබා දී නොමැති බවත් ,ඔහුට පූර්ණ නිදහස අවැසි බවත් ඔහු වෙනුවෙන් සටන අත්හැර නොමැති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිකවැරටියේ දී අද (27දා) පැවසීීය
රන්ජන් රාමනායක මහතා අර්ධ නිදහසකින් එළියට දමා ඇත්තේ හොරුන් වෙනුවෙන් කටයුතු කරන නිසා බවත් ආසයි බයයි ලෙස නොසිට ඔහුට සිවිල් දේශපාලන අයිතින් සහිත පූර්ණ නිිදහස ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවද විපක්ෂනායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ නිකවැරටියේ පැවති සමගි ජන බලවේගයේ ආසන බල මණ්ල රැස්වීම අමතමිනි.
" රන්ජන් රාමනායක මහතාට නිදහසේ ඉතිරි කෑල්ල දෙන්න බයජවෙන්න.එපා. ඒකෙන් කාටවත් හානියක් වෙන්නෑ. හැබැයි එතුමා හොරු ටික අල්ලයි. ඒ අයට නම් හානියක් වේවි. භාගයක් හරි නිදහසක් දුන්නට ස්තුති කරනවා මොකද මම උගුර ලේ රහ වෙනකල් ඝෝඨාභය ජනාධිපතිවරයා ගෙන් ඉල්ලුවා රංජන් රාමනායක මහතාට නිදහස දෙන්න කියලා. අන්තිමට එතුමාට රටේ ඉන්න නිදහසත් නැතිවුණා. ඕකට තමා කළ කළ දේ පලපල දේ කියන්නේ.
අපි රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් අවුරුද්දේදේ දවස් 365 පුරාම ඉන්නවා. එතුමා තවමත් අපේ හදවත් වල මන්ත්‍රීවරයෙක්. එතුමාට දී තිබෙන නිදහස තුළ ඡන්දය, දේශපාලන අයිතිය නැති වුණත් අප පක්ෂයේ සියලු වරප්‍රසාද අපි ලබා දෙනවා. අපේ මන්ත්‍රී මණ්ඩල රැස්වීමට සහභාගි කර ගන්නවා වගේම, එහි නිත්‍ය සාමාජිකත්වය,කෘත්‍යාධිකාරී මංඩල සාමාජිකත්වය සහ දූෂණ විරෝධී ප්‍රධානියා ලෙසත් පත් කරණවා."
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා