ලංකා විදුලි බල මණ්ඩලයට කළ හැකි කාර්යයන් පවා පෞද්ගලික ආයතන වෙත ලබාදී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඒ් අනුව අතු කැපීම, නව සබඳතා ලබාදීම, සබඳතා විසන්ධි කිරීම වැනි සේවාවන් කිරීමට ප්‍රමාණවත් සේවකයන් සිටියදී ඒම සේවා පෞද්ගලික සමාගම් වෙත ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කිරීමේදී මේ සම්බන්ධව අවධානය කළ යුතුව ඇති බවද ඔහු පැවැසීය.