ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සියයට 49ක කොටස් හා එහි පරිපාලනයත් ගුවන් තොටුපොළ මෙහෙයුම්වලින් සියයට 49ක් හා ඒහි පරිපාලනයත් අයෝජකයෙක් වෙත ප්රදානය කිරීම සඳහා අභිලාෂ කැඳවන බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
"දැනට ලාබ ලබනවා යම් ප්‍රමාණයකට ශ්‍රී ලන්කන් කේටරින් සමාගම. ශ්‍රීලන්කන් කේටරින් සමාගමෙන් 49%ක් සහ එහි පරිපාලනය, 51%ක් අපිට තියාගෙන එහි පරිපාලනය හෝ එහෙම නැත්නම් ආයෝජකයෙක් තවත් වැඩිපුර ප්‍රමාණයක් ඉල්ලනවා නම්, ඒ ආයෝජකයන්ගේ ඒ අවස්ථාවේ ඉල්ලීම අනුව ඊට වඩා වැඩි ප්‍රමාණයක් හෝ කොටස් ලබාදීලා එයින් යම් මුදල් ප්‍රමාණයක් ලබාගන්න.
ඒ මුදල් ප්‍රමාණය ලබාගත්තහම අපිට ඒ සමාගමේ කොටස් උකස් කරලා අරන් තියෙන ඩොලර් මිලියන 80ත් තව මුදල් ප්‍රමාණයකුත් තව ණයකුත් අපිට ඒකෙන් ගෙවන්න පුළුවන් වෙනවා.
එතකොට ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ණය බර එක් ප්‍රමාණයකට අඩුවෙයි. ඊළඟට දැනට අපේ ගර්වුන්ඩ් හැන්ඩ්ලින්වලදී අපි වෙනම සමාගමක් හදනවා. ඒ සමාගමට අදාළ කාර්ය භාරය සහ ගොඩනැගිලි, චංචල හා නිශ්චල දේපළ දීලා, එතැනින් අපිට අවුරුද්දකට මිලියන 5,000ක පමණ ආදායමක් ලැබෙනවා. ඒ නිසා එය අපිට ප්‍රතිව්‍යුහගත කිරීමේ දී අපි හිතනවා සෑහෙන මුදලක් ලබාගන්න පුළුවන් වෙයි කියලා.
49%ක කොටස් දුන්නට කවුරුත් එන්නේ නෑ. ඒ නිසා පරිපාලනය දෙන්න ඕනේ. ඒ සඳහා ලන්සු කැඳවීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ වෙන වැඩවලට මුදල් යොදවන්න නෙමෙයි. ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ තියෙන ණය මුදල් ගෙවලා ණය බරින් පුළුවන් ප්‍රමාණයකට මුදවන්න."