saravita-anim2

2026 ජනවාරි මස 12 වන සඳුදා

2026 ජනවාරි මස 12 වන සඳුදා

Latest News - timelapse 571 hours ago

LATEST

පොල් පැළය‌ට රක්ෂණයක්

calendar_today 2025 සැප් 03 - 14:01 remove_red_eye - 97  

පොල් පැළ වෙනුවෙන් රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිර‍ීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ. මෙම රක්ෂණ කාලය දින 15 සිට වසරක් දකවා වෙයි. රක්ෂණ වාර මුදල පැළ 01ක් ඳසහා රු. 67.50ක් වන අතර රක්ෂණ ආවරණය පළ 1ක් ඳසහා රු. 550ක් වෙයි.

චීනයේ 23 වන ආසියානූ කැඩෙට් , කනිෂ්ඨ සහ වයස අවුරුදු 21 න් පහළ ශූරතා තරගාවලියට ( 23 rd Asian , Cadet , Junior @ U21 Karate Championship ) ශ්‍රී ලංකාවේ කරාටේ දෝ සම්මේලනය නියෝජනය කරමින් සහභාගී වීමට යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි තරගකරුවන් 31 දෙනෙකුට වීසා නොතිබීම 09/03 දින සවස ආපසු හිස් අතින් සිය ගම්බිම් බලා යාමට සිදු විය .

Read More

පේරාදෙණිය- මහනුවර දුම්රිය ස්ථාන අතර ගැටඹේ දුම්රිය හරස් මාර්ගයේ සිදු කරනු ලබන නඩත්තු කටයුතු හේතුවෙන් සැප්තැම්බර් මස 05, 06 සහ 07 යන දිනවලදී එම දුම්රිය ස්ථානයන් අතර දුම්රිය ධාවනය සීමා කිරීමට නියමිතව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොළඹ සිටින විදෙස් තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් හා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර ඊයේ (02දා) සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන එම පක්ෂයේ මධ්‍යමකාරක සභිකයින් විසින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාව දැනුම්වත් කිරීමට අද(03දා) කටයුතු කළේය.

Read More

පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කිරීමට අධිකරණය අද (03දා) නියෝග කර තිබේ.

Read More

මාළිගාවත්තේ පොලීසිය අසලදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

Read More

උතුරට යළි ජීවය කැටුව එමින් එම ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා දීමේ වගකීම ඉටු කරනවා - ජනපති

Read More

දෙවන ලෝක යුද්ධයේදී චීනය විසින් ජපානය පරාජය කිරීමේ 80 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් චීනයේ බීජිං නුවර ජනපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දැවැන්ත හමුදා පෙළපාලියකදී චීනයේ නවීනතම අවි ආයුධ ප්‍රදර්ශනය කළේය. දෙවන ලෝක යුද්ධයේදී චීනය විසින් ජපානය පරාජය කිරීමේ 80 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් චීනයේ බීජිං නුවර ජනපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානලේසර් අවි, න්‍යෂ්ටික බැලස්ටික් මිසයිල සහ දිය යට ක්‍රියාත්මක විය හැකි විශාල ඩ්‍රෝන යානා මෙහිදී එළිදැක්වීය.

Read More

නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ, ඔහුගේ බිරිය සහ කට්ටඩියා ඇතුළු සැකකරුවන්ගේ ඇප ඉල්ලීම යළි ඉවතට, සැප්තැම්බර් 8 දක්වා තවදුරටත් රිමාන්ඩ්

Read More

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්වීම රනිල් අත්අඩංගුවට පත් වුවත් නොවුනත් සිදුවිය යුත්තක් බව අවධාරණය කළ නාමල් රාජපක්ෂ මහතා පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක් විය යුතු බවත් ඔවුන් අමනාපව සිටීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ගුණදායක නොවන බවද පැවසීය.

Read More

නුවරඑලිය කොට්ඨාශ පොලිස් අධිකාරි කාර්යාලය යටතේ පාලනය වන පොලිස් ස්ථාන රැසක මාස කිහිපයක් තිස්සේ දුරකථනුවරඑලිය කොට්ඨාශ පොලිස් අධිකාරි කාර්යාලය යටතේ පාලනය වන පොලිස් ස්ථාන රැසක මාස කිහිපයක් තිස්සේ දුරකථන බිල්පත් නොගෙවීම හේතුවෙන් ඇතැම් පොලිස් ස්ථානවල දුරකථන විසන්ධි කර ඇති අතර, න බිල්පත් නොගෙවීම හේතුවෙන් ඇතැම් පොලිස් ස්ථානවල දුරකථන විසන්ධි කර ඇති අතර, තවත් පොලිස් ස්ථාන කිහිපයකම තාවකාලිකව එන ඇමතුම් පමණක් ලබා ගැනිමට නුවරඑලිය ටෙලිකොම් කාර්යාලය පියවර ගෙන ඇත.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය අද(03දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා ප්‍රාදේශීය සභා මන්ත්‍රි නාමල් ප්‍රේමරත්න එක් ව සිංහරාජය වනසයි

Read More

ආර්ථික ශක්‍යතා හඳුනාගනිමින් සහ ආර්ථිකය ගමට ප්‍රසාරණය කරමින් ඉතා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ රට සංවර්ධනය කරා ගෙන යාම වත්මන් රජයේ අරමුණ බවත්, ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීම වෙනුවෙන් තම පාලන කාලය තුළ කැප වී කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ අද (03) අලුයම ලොරි රථයක් සහ බව්සර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල රෝහල් ගත තිබේ.

Read More

උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පලෙයි නගරයේදී ආරම්භ කෙරිණි.

Read More

“සිහින ගමනාන්තය” දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනෙහි පළමු අදියර ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තල්පේ දුම්රිය ස්ථානයේදී අද (02) ආරම්භ කෙරිණි.

Read More

නව පොලිස් කොට්ඨාසයක් ලෙස ස්ථාපිත කරන ලද හෝමාගම නව පොලිස් කොට්ඨාසය විවෘත කිරීම හෙට දිනයේදි සිදුකරන බව පොලිස් මූලස්ථානය කියයි.

Read More

විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලේ ක්‍රියාත්මක නවතම තත්වයත්, විශේෂයෙන්ම සේවක පාර්ශවය ඉදිරිපත් කරන විවේචන ඇතුළු කරුණු පිළිබඳ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයින් අතර අද (02) පෙරවරුවේ පැවැත්විණි.

Read More

චීනයේ ජයග්‍රාහී දින පෙළපාලියට එක්වීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීන අගනුවර වන බීජිං වෙත පැමිණ ඇති තිබේ.

Read More

කටුනායක ගුවන් තොටුපොළ රේගුවේ පැමිණීමේ පර්යන්තයට රුපියල් කෝටි 05 ක් වටිනා අතිනවීනතම පරිලෝකන යන්ත්‍ර (Scan Machine ) දෙකක් 09/02 දින දහවල් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

Read More

හම්බෙගමුව රොටවැවෙි වැව්පිටියේ මී ගවයකු ගැටගසා සිටියදිම, ඊයේ (01) කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් පැමිණ මෙම මී ගවයාගේ පසුපස ගාත් යුගල සහ බඩ කොටස කපා ඝාතනය කර එම මස් රැගෙන ගොස් ඇතැයි හම්බේගමුව පොලිසිය පවසයි.

Read More

සරළ කරන ලද එකතු කරන ලැබූ අගය මත අය කරන බදු ක්‍රමය (Simplified Value Added Tax System) වෙනුවට සම්ප්‍රදායික VAT ක්‍රමය මෙම වර්ෂයේ ඔක්තෝබර් මස 01 වන දින සිට ක්‍රියාත්මක කරන බවත් අන්තර්ජාතික අපනයනකරුවන් ඇතුලු ව්‍යාපාරිකයන් රැසක් රජයෙන් කරන ලද ඉල්ලීම මත නව තීරණය ක්‍රියාත්මක වන බවත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අවදානම් කළමනාකරණ අංශයේ කොමසාරිස් දිසා බණ්ඩාර මහත්මිය පැවසුවාය.

Read More

මාතලේ කොහොළන්වල හුණුපිටිය මඩවලඋල්පත ප්‍රදේශයේ පොල් වත්තකට අනවසරෙන් ඇතුල් වී පොල් සොරකම් කිරීමට තැත් කළ පුද්ගලයකුට එම වත්තෙහි මුරකරු විසින් වෙඩි තැබීමෙන් අදාල සැකකරු තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහා රෝහල වෙත අද (02) දින ඇතුළත් කර ඇතැයි මහවෙල පොලිසිය පවසයි.

Read More

’’රණවිරුවන් පීඩාවට පත්කිරීම පිළිබඳව වන සැලකර සිටීමයි’’ යන ශීර්ෂය යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේට සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රි පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක ස්වාමින්වහන්සේට ලිපියක් යොමු කර තිබේ.

Read More

නුවරඑළියට සංචාරකයන් රැගෙන එන ඇතැම් බස් රථවල සවි කර ඇති අමතර එල්.ඊ.ඩී විදුලි ආලෝක සහ එම බස් රථවල සවි කර ඇති ඝෝෂාකාරි අධික ශබ්දය සහිත බෆල් හේතුවෙන් රාත්‍රි කාලයේ නුවරඑලිය ග්‍රෙගරි වැව අසළ රථ ගාල්වල සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන් පීඩාවට පත් වි ඇත.

Read More

මෙම මාසයේදී ලාෆ් ගෑස් මිල වෙනස් නොවන බව එම සමාගම පවසයි. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු 4100ක් හා කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රු 1645ක් ලෙස ස්ථාවර මිලක පවතිනු ඇත.

Read More

මේ වසරේ පළමු මාස 07 තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.