BRICS රටවල්, එනම් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව සිය මූල්‍ය සහයෝගීතාවයේ ධනාත්මක ප්‍රගතියක් සාක්ෂාත් කර ගැනීම සඳහා ගන්නා ලද සාමූහික ප්‍රයත්නයන් ගැන සාකච්ඡා වෙයි.
අපි සියලුම පක්ෂ නායකයන්ගෙන්, සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා සමහර වෙලාවට නායකයන්ට මේක තේරෙන්නේ නැත්නම් අපි තරුණ මන්ත්‍රීවරු ටික එකතුවෙමු. එකතුවෙලා අපි මේ රටේ මහජනතාවගේ ප්‍රශ්න ටික බේරන්න අපි කෙලින් හිට ගන්න ඕන කියන එක මම කියනවා.
Read Moreපොහොට්ටුව විසින් යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා පිළිගෙන තිබීම ගැන තමා සතුටට පත්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (7දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
Read Moreගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට (8දා) බෙදාහැරීම සිදුනොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (7දා) පවසයි. ඉදිරි දින කිහිපය ඇතුළත ගෑස් බෙදාහැරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට නියමිත බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.
Read Moreසමගි ජන බලවේගය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත් රවිඳු වෙදාරච්චි සහ ඔහුගේ බිරිඳ නෙත්මී හරින්දි හෙට (8දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
Read Moreකොළඹ මහාධිකරණය විසින් ඊයේ (06) ඇමති ප්‍රසන්න රණතුංග මහතාට ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ගොණු කෙරේ. ඇමතිවරයා වෙනුවෙන් නීතිඥ මේරි ඩික්මන් මහත්මිය මහාධිකරණ රෙජිස්ටාර්වරයා වෙත අද (07) මෙම අභියාචනය භාර දුන් අතර අදාළ නඩු ගොණුව අභියාචනාධිකරණය වෙත යොමු කරන ලෙස එමගින් ඉල්ලා තිබේ.
Read Moreවිදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හෙට (8දා) සහ අනිද්දා (9දා) යන දෙදින සිංගප්පූරුවේ සංචාරයක නිරත වීමට නියමිත ය. ඒ සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා සිදු ආරාධනයකට අනුවයි.
Read Moreශ්‍රී ලංකා යුද හමුදාවේ වත්මන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූරය හොබවන මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු මහතා හෙට (8දා) සිට බලපැවැත්වෙන පරිදි 60 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිතව තිබේ.
Read Moreරටක් ලෙස ඉදිරියට යාමට නම් සෑමදෙයක් වෙනුවෙන්ම ජාතික ප්‍රතිපත්ති සකස්විය යුතු යැයි අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව කියා සිටියේ ජාතික ක්‍රීඩා සභාවේ ඉදිරි ක්‍රියාකාරිත්වය හා සැලසුම් පිළිබඳව ජාතික මට්ටමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දීය.
Read Moreඑතුමට මම තව දෙයක් සද්භාවයෙන් මතක් කරන්න ඕන ගරු අගමැතිතුමනි ඔබතුමා කැඳවන්න පැය තුනකට කලින් ගරු ජනපතිතුමා මාව කැඳවලා කිව්වා දැන් භාර ගන්න අගමැතිකම වහාම භාර ගන්න කියලා. මම එතුමට කොන්දේසි හතරක් පහක් දැම්මා. ඒවා අනුව වැඩ කරනවානම් පසුබිම හැදුවොත් මම භාර ගන්නම් කියලා කිව්වා. හැබැයි අපේ පක්ෂයේ බහුතරයකගේ අනුමැතිය ලැබුණොත් පමණක්. ඔබතුමා මටත් පිං පොඩ්ඩක් අනුශාසනා කරන්න ඔය පුටුවට යන්න පාර කැපුණේ මගේ ක්‍රියාදාමය හරහා කියලා එතුමා තේරුම් ගන්න ඕන
Read Moreසහල්වලට උපරිම මිල නියම කරමින් පසුගිය මැයි මස 2 වැනිදා නිකුත් කළ අංක 82 දරණ ගැසට් පත්‍රයේ කිසිදු සංශෝධනයක්, අවලංගු කිරීමක් කර නොමැති බවත් ව්‍යාපාරික ප්‍රජාව සහල් උපරිම සිල්ලර මිලට යටත්ව අලෙවි කළ යුතු බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreමහාචාර්ය ආශු මාරසිංහ මහතා අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස පත්කර තිබේ. තමන් කිසිදු වැටුපක් හෝ දීමනාවක් ලබා නොගෙන එම තනතුරේ කටයුතු කරන බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන්කරයි.
Read Moreනිකවැරටිය රෝහලේ පවතින දැඩි හිඟයක්ව පවතින අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ මිලදී ගැනීම සඳහා නිකවැරටිය නගරයේ ව්‍යාපාරිකයන් ගෙන් ආධාර මුදල් ලබා ගැනීමේ වැඩසටහනක් රෝහල් කාර්ය මණ්ඩලය හා රෝහල් කමිටුවේ මූලිකත්වයෙන් නිකවැරටිය නගරයේදී අද (07දා) ක්‍රියාත්මක කෙරිණි .
Read Moreනිස්සු තිරිසන්නු වගේ හැසිරෙනවා තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල භූමිතෙල් පෝලිම්වල. බලාගෙන ඉන්න අමාරුයි අපිට, මේ අපේ ලංකාවද මේ වගේ අපායක් වුණේ? අඩුගානේ මේ කාර්ය කරන්න. රුසියාවෙන් තෙල් ලබාගැනීමට මැදිහත් වෙන්න කියලා මම මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මතවාදයේ හරස්කඩ නැත්නම්.’’
Read Moreවැට් බද්ද නිසා පාන් හැර අනෙකුත් සෑම බේකරි නිෂ්පාදනයකම මිල රුපියල් 12 ත් 15 ත් අතර මිලකින් වැඩි වනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනය පෙරදැරිව අද දින නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊට එරෙහිව එම තීරණය අත්හිටුවන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණයට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මගින් පෙත්සමක් ඉදිරිපත් කළේය.
Read Moreඑප්පාවල ඇඳගල ප්‍රදේශයේ දී වී මෝලක සිටි දෙදෙනකු ඝාතනය කර තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් එක් අයකු අත්අඩංගවට ගෙන ඇති අතර තවත් පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
Read Moreජා-ඇල නගරයට අද (07දා) ලිට්රෝ ගෑස් ලබා දෙන බව සැලවීමත් සමඟ අති විශාල ජනතාවක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ගැනීම සදහා ජා-ඇල පොදු ක්‍රිඩාංගනය වෙත පැමිණි අතර ගෑස් සිලින්ඩර රැගත් ලොරි රථය පැමිණෙන තෙක් ගෑස් සිලින්ඩරය විකට්ටුවට යොදාගෙන තරුණයන් පිරිසක් ක්‍රිකට් ක්‍රිඩාවේ යෙදෙන අයුරු.
Read Moreමහ කන්නයේදී වාර්තා ගත වී අස්වැන්නක් ලබා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreනැගෙනහිර විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සෙල්වරාජා සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ආර්. වික්‍රම සෙනෙවිරත්න යන මහත්වරු පත් කර තිබේ.
Read Moreබණ්ඩාරගම කළුතර මාර්ගයේ වෑවිට ප්‍රදේශයේ දී අද (7දා) අළුයම ටිපර් රථයක ගැටීමෙන් වයෝවෘද්ධ හිමිනමක් අපවත් වී ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.
Read Moreඋදාහරණයක් ලෙස යම් ප්‍රදේශයකට දින තුනක් දහවල් කාලයේදී එනම් උදෑසන 6 සිට සවස 5 දක්වා පැය දෙකයි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කර එම ප්‍ර දේශයටම ඊළඟ දින තුනේදී රාත්‍රී කාලයේදී එනම් සවස 5 සිට රාත්‍රී 9 දක්වා පැය දෙකයි විනාඩි 15ක් ලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිතය.
Read Moreඉදිරියේදී ඉන්ධන බෙදා හැරීම ප්‍රමුඛතා ක්‍රමවේදයක් යටතේ සිදුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ හෙට දිනයේ සිට යළිත් දිනකට අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 5400 හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3500 වෙළඳපොළට නිකුත් කරන බවත් ඔහු පැවැසීය.
Read Moreබිබිල නිල්ගල වන රක්ෂිතයේ අද (07දා) ඇතිවු ගින්නක් සීඝ්‍රයෙන් පැතිරීගොස් පැය තුනකට පසු නිවී යෑමෙන් පසු අක්කර සිය ගණනක පමණ භුමියේ ගස් වැල් ගින්නෙන් දැවීගොස් තිබෙන බව අවට ගම්වාසින් පවසති.
Read Moreඅනුරාධපුර වේළුවනාගම, වේළුවනාරාමයට අයත් රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත් ත්‍රීරෝද රථයක් සොරකම් කළ පුද්ගලයකු සොයා අද (7දා) විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.
Read Moreරාජ්‍ය සේවය පිළිබඳවත් අපිට වෙනස් ඇසකින් බලන්න සිදුවෙනවා. සීමාවක් නොමැතිව රැකියා ලබාදීම නිසා කාර්යක්ෂමතාව හා ඵලදායිතාව ඉතාම පහළ තලයකට වැටිලා. සමහර රාජ්‍ය සේවකයන්ට කරන්න කිසිම රාජකාරියක් නෑ. මේ නිසා රාජ්‍ය සේවය පූර්ණ ප්‍රතිසංස්කරණයකට හා ප්‍රතිසංවිධානයකට භාජනය කළ යුතුයි. පුරවැසියෙකුට සිය ජීවිත කාලය පුරාම කඩිනම්ව ලබාගත යුතු රාජ්‍ය සේවයක් නිර්මමාණය කිරීම අපේ අරමුණයි.
Read Moreසහල් මෝල්වලින් අවශ්‍ය පරිදි සහල් වෙළෙඳ පොළට නිකුත් නොකිරීම හේතුවෙන් රට පුරා දේශීය සහල් හිගයක් පවතින බවත් විදේශීය සහල් ද ඉතා සීමිත ප්‍රමාණයක් පවතින බව සහල් වෙළෙන්දෝ පවසති.
Read Moreදැන් අපේ රට හරියට ක්‍රියා විරහිත කොම්පියුටරයක් වගෙයි. වැඩ කරන්නේ නෑ. අපි මුලින්ම කරන්න ඕන මේ කොමිපියුටයර යළි සකසා ගැනීමයි. දැන් අපි කරන්නේ අන්න ඒ වැඩේ. අතුරු අය වැය මගින් අපි කරන්නේ කොම්පියුරටය රීසෙට් කිරීමයි. ඊට පස්සේ අ පිට පුළුවන් නවීන මෙහෙයුම් පද්ධතියක් දා ගන්න. කිසිම වෛරසයක් එන්නේ නැති වෛරස් ගාඩ් දා ගන්න. ඒ ඔක්කොම කරන්න කොම්පියුරටය නැවත පණ ගැන්විය යුතුයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි යන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (07දා) නියෝග කළේය.
Read Moreඉදිරියේ දි ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසදුමක් ලෙස බස්නාහිර පළාතේ මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් වගා කිරිමට යයි. ඒ සදහා මාස තුනක ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කෙරේ.
Read More