ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය මාස හයකට පමණ පසු ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. බ්ලූම්බර්ගු පුවත් සේවය පෙන්වා දෙන්නේ ආසියාන නිෂ්කාශන සංගමයක් යටතේ ඉන්දියාවට ගෙවිය යුතු ගෙවීම් කල් දැමීම නිසා මෙසේ විනිමය සංචිතය ඉහළ ගොස් ඇති බවයි. මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, අප්‍රේල් මාසය අගදී ඩො
විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පනවා ඇති සංචාරක තහනම් ඉවත් කිරීමට රජය මැදිහත් වන ලෙස බල කරමින් දෙදහසකට ආසන්න හෝටල් සේවකයන් පිරිසක් මහනුවර නගරයේ දී අද (08දා) මහනුවර නගරයේ දී උද්ඝෝෂණයක් පැවැත්විණි .
Read Moreශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව කථා කළ අයුරින්ම බටහිට රටවල් වැඩ කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා පැවැසීය.
Read Moreමහජන සෞඛ්‍ය පරීක්ෂක නිල ඇදුමට සමාන ඇදුමින් නිවෙස් වලට ගොස් ඩෙංගු කීටයින් සිටින බවට නිවැසියන් බියගන්වා මුදල් අල්ලස් ලබාගන්නා වංචනික පිරිසක් පිළිබඳව වාද්දුව ප්‍රදේශයෙන් වාර්තාවේ.
Read Moreසාමාන්‍ය පරිදි ඖෂධ ලැබීම සිදුවන්නේ අගෝස්තු මාසයේ සිට බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන්කරයි.
Read Moreදකුණු කොරියාව බංකොලොත් තත්වයට පත්වූ අවස්ථාවේදි රට ගොඩ නැගීම වෙනුවෙන් එරට ජනතාව තමන්ගේ රත්රන් මහ බැංකුව දුන් දුන් බව හිටපු මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreවිදුලි වෘත්තීය සමිති හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර හමුවක් අද පස්වරු 4.00ට පැවැත්වීමට නියමිතව තිබේ. මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා යෝජිත විදුලි බල සංශොධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරිමට තීරණය කළ හොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොගන්නා බව වෘත්තීය සමිති විසින් අමාත්‍යවරයට ප්‍රකාශ කිරීමට නියමිතය. යම් හෙයකින් හෙට දිනයේදී පනත ඉදිරිපත් කළහොත් අද රාත්‍රී 12 සිට වැඩ වර්ජනයකට යන බව ඔවුන් ප්‍රකාශ කරයි. කාංචන විජේ
Read Moreනාවික හමුදාව මාරවිල ප්‍රදේශයේ සහ බටහිර මුහුදු ප්‍රදේශයේ ඊයේ (07දා) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 91 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreප්‍රවීන ප්‍රවෘත්ති පත්‍ර ඡායාරූප ශිල්පී සේන විදානගම මහතා අද (08දා) අභාවප්‍රාතවී ඇති අතර අවසන් කටයුතු ජුනි 09 වන දින වැලිසර පොදු සුසාන භූමියේදී පස්වරු 6ට සිදුකෙරේ. ලේක් හවුස් ආයතනයේ සහ ප්‍රංශ පුවත් සේවයේ දශක ගනනාවක් ඡායාරූප ශිල්පියකු ලෙස සේවය කල ඒ් මහතා අභාවප්‍රාප්ත වන විට 76 වන වියේ පසුවිය.
Read Moreරටට ගල් අඟුරු හා ඉන්ධන මිලදි ගැනීම වෙනුවෙන් ලෝකයේ කිසිම රටක් ලංකාවට මුදල් ලබා නොදෙන බව ඔහු ප්‍රකාශ කළේය.
Read Moreසමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ තමන් මින් ඉදිරියට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බවයි.
Read Moreවිදේශගත ශ්‍රමිකයින් නිවරදිව බැංකු ක්‍රමය හරහා තමන් උපයන මුදල් ලංකාවට එවිමට කටයුතු කරන්නේ නම් දැනට පවතින තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති කර බෙහෙත් හිගය නැති කළ හැකි බවද කොරියානු රැකියා සදහා පිටත්වයාමේ අපේක්ෂාවෙන් පසුවන 5800ක් ඉදිරි මාස හය තුළ කොරියාව බලා පිටත් කර ඔවුන්ගේ පීඩනය නැති කරන බවද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
Read Moreපංචිකාවත්ත ප්‍රදේශයේ දී පොලිස් අධිකාරි නාලක සේනානායක මහතාට පහරදී බරපතළ තුවාල සිදුකර ඔහු සතුව තිබූ පිස්තෝල අවිය කොල්ලකෑ 18 හැවිරිදි තරුණයෙකු මාලිගාවත්තේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
Read Moreපුනර්ජනනීය බලශක්ති උත්පාදනය වැඩි කිරීම සම්බන්ධයෙන් වන විදුලි පනත හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreරුපියල් කෝටියකට අධික හෙරොයින් සමග පුද්ගලයෙකු හා හෙරොයින් ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreපුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්ම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සහාය දක්වන තෙක් විදුලිය ගාස්තු වැඩිකිරීමේ යෝජනාව තමන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreදුම්රිය ගාස්තු සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් අවම වශයෙන් බස් ගාස්තුව මෙන් භාගයක්වත් දුම්රියට අයකළ යුතු බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්දන මහතා පැවැසීය.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මය අතර සාකච්චාවක් පවත්වා තිබේ.
Read Moreතමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreවිදුලිබල පනත කඩිමුඩියේ වෙනස් කිරීමට ගෙන තිබෙන තීරණයට විරෝධය දක්වමින් අද (08දා) රාත්‍රී 12.00 සිට සේවයෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් සිදුකිරීමට විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති තීරණය කර තිබේ.
Read Moreහජ් වන්දනා කටයුතු ස ඳහා අවශ්‍ය ඩොලර් ඔවුන්ගේ හිතවතුන් මාර්ගයෙන් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු එම පුද්ගලයින්ට හජ් වන්දනාව සඳහා අවසර ලබාදීමට මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මැල්පාස් පවසන පරිදි, බොහෝ රටවල් සඳහා, අවපාතය වළක්වා ගැනීම දුෂ්කර වනු ඇත.
Read Moreආගමන හා විගමන දෙපාර්තමේන්තුව (පාස්පෝට් කාර්යාලය) අද වන විට වැඩිම පිරිසක් සේවා ලබාගැනීමට පැමිණෙන ස්ථානය බවට පත්ව ඇති හෙයින් එම දෙපාර්තමේන්තුව පැය 24 පුරාම විවෘතව තබා ගත යුතු බව හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
Read Moreචීනයේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට අනුව, චීනය පුරා 5G පදනම් මධ්‍යස්ථාන මිලියන 1.615ක් ඉදිකර ඇති අතර, 2021 දී ඊට 654,000ක් එකතු කර ඇත.
Read Moreසත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 10කින් පරාජයට පත්කරමින් දෙරට අතර කොළඹ ආර්. ප්‍රෙමදාස පිටියේ පැවැති පළමු විස්සයි20 තරගය ජය ගැනිමට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
Read MoreSU-35 රුසියානු ජෙට් යානා දෙකක් සහ සිරියානු මිග් ප්‍රහාරක ගුවන් යානා 06ක් මෙම අභ්‍යාසවලට සහභාගී වූ අතර, ඔවුන් සතුරු අතථ්‍ය ගුවන් යානා සහ ඩ්‍රෝන යානාවලට මුහුණ දුන්හ.
Read Moreඅත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍යවරයා ලෙස අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවට අද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.
Read Moreසාමකාමී ගවේෂණය, විනිවිදභාවය, අන්තර් ක්‍රියාකාරීත්වය, හදිසි ආධාර, අභ්‍යවකාශ වස්තූන් ලියාපදිංචි කිරීම, විද්‍යාත්මක දත්ත මුදා හැරීම, උරුමය සුරැකීම, අභ්‍යවකාශ සම්පත්, ක්‍රියාකාරකම්වල ගැටුම් සහ කක්ෂීය සුන්බුන් යන දේ ගිවිසුමේ මූලධර්මවලට ඇතුළත් වේ.
Read Moreරුපියල් බිලියන 50ක වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට මහ බැංකුව සැලසුම් කර තිබේ. ඒ අනුව වාර්ෂික සියයට 17ක පොලියක් යටතේ ජුනි 10 දා රුපියල් බිලියන 20ක් නිකුත් කිරීමට නියමිතය.
Read MoreBRICS රටවල්, එනම් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව සිය මූල්‍ය සහයෝගීතාවයේ ධනාත්මක ප්‍රගතියක් සාක්ෂාත් කර ගැනීම සඳහා ගන්නා ලද සාමූහික ප්‍රයත්නයන් ගැන සාකච්ඡා වෙයි.
Read More