අපනයනය අරමුණු කර ගනිමින් රත්නපුර දිස්ත්‍රික්කයේ අක්කර 10,000 ක ගංජා වගාවක් පිහිටුවීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කිරීමට නියමිතයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. එම යෝජනාව ඔක්තෝබර් 5 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බටහිර රටවල ගංජා සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත් රට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවක ගංජා අපනයන විදේශ ආදායමක් උපයා ගැනීමට කදිම මාර්ගයක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.
ගංජා මුලින් අපනයනය සඳහා පමණක් වගා කෙරේ. කෙසේ වෙතත්, වතුයාය පිහිටුවීමෙන් පසු දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයින් සඳහා ද ක්‍රමානුකූලව සේවා සැපයීමට බලාපොරොත්තු වෙයි. ගංජා අපනයනය කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා රේගුව ඇතුළු රාජ්‍ය ආයතන විසින් අධීක්ෂණය කරනු ඇත.
ද සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි