විදේශගත ශ්‍රි ලාංකිකයන් හෝ නේවාසිකයින් විසින් මෙරටට එවනු ලබන ගමන් මළු හෝ භාණ්ඩ ශ්‍රිලංකා රේගුවේ ලියාපදිංචි ආයතන හරහා පමණක් එවීමට උනන්දු වෙන්නැයි රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
විදේශගත ශ්‍රී ලාංකිකයින් හෝ නේවාසිකයින් විසින් එවනු ලබන හා පැමිණිමේදී කැටුව නොඑන ගමන් මළු, භාණ්ඩ හා ත්‍යාග අස්ථානගතවීම්, හානි සිදුවීම් පිළිබඳව මහජනතාවගෙන් රේගුව වෙත ලැබෙන පැමිණිලි සැලකියයුතු මට්ටමකින් වර්ධනය වීමක් නිරීක්ෂණය වී තිබෙනවා.
එම නිසා රේගුව විසින් කරනු ලැබූ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ශ්‍රිලංකා රේගුව සමග ලියාපදිංචි වී නොමැති ආයතන හරහා භාණ්ඩ එක්වීමේදී වැඩිවශයෙන් මෙම සිදුවීම සිදුව ඇති බවයි. එබැවින් විදේශවල සිට එවනු ලබන ගමන් මළු,භාණ්ඩ හා ත්‍යාග ශ්‍රිලංකා රේගුවේ ලියාපදිංචි ආයතන හරහා පමණක් එවීමට උනන්දු වන්න" යැයි රේගු අධ්යක්ෂ ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ප්‍රසංග පෙරේරා