ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට ගත යුතු පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතායතන සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට එම නියෝජිතායතනවල නිත්‍ය තානාපතිනි සින්ඩි මැකේන් මහත්මිය තීරණය කර තිබේ.
ඒ අනුව මේ වනවිට ඇය සිදු කරමින් පවතින මෙරට සංචාරය අවසන් වූ පසු අදාළ සාකච්ඡාව සිදු කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දන්වා ඇත.
මැකේන් මහත්මිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙරට කෘෂි අංශ සංවර්ධනය සඳහා ලබා දිය හැකි සියලු සහයෝගය ලබා දීමට කටයුතු කරන බවයි.
මැකේන් මහත්මිය සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර හමුවක් කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේදී ඊයේ (26දා) සිදුකර තිබිණි.