හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ 2022.09.20 පාර්ලිමේන්තුවේදී අසන ලද දේශීය ආදායම් සම්බන්ධව සහ දුම්වැටි සහ මද්‍යසාර සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අසන ලද ප්‍රශ්න සම්බන්ධයෙන් විධිමත් පර්යේෂණ වාර්තාවක් කැඳවීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ, සුරාබදු දෙපාර්තමේන්තුවේ සහ රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් 2022.09.26 දින මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි සති දෙක ඇතුළත ලබාදෙන ලෙසය.
එම වාර්තාව මසක කාලයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
