saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 5135 hours ago

LATEST

ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ ලිපිය ගැන කලබල වෙන්න එපා

calendar_today 2022 ජුලි 05 - 08:01 remove_red_eye - 484  

පොලිස්පතිවරයා විසින් ආරක්‍ෂක ලේකම් අමතා ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිලිබඳ තොරතුරු සඳහන් කර ඉදිරිපත් කර ඇති ලිපිය පිළිබඳව කලබල නොවන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

හෙට (05) රැස්වීමට නියමිත කෝප් කමිටුව හමුවට ලිට්‍රො ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රො ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් යන ආයතන කැඳවා තිබේ. කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් අද (04දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණි.

Read More

විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් ඛනිජ තෙල් නිශ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම හා ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා පවසයි.

Read More

සාමන්‍ය හොරෙක් නම් රූපවාහිනීය ෆෝන් එක එහෙම නැත්නම් මේ දවස්වල ගෑස් සිලින්ඩරය සොරකම් කරාවී. ඒත් දේශපාලන හොරු සොරකම් කරන්නේ අපේ ජීවිතය යැයි ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා පොලීසියට ආවේණික මහේන්ද්‍රන් ස්කුබී වර්ගයේ නිල් පැහැති ජීප් රථයක් නීති විරෝධී අන්දමින් වර්ණය වෙනස් කොට පරිහරණය කල පුද්ගලයෙකු අද (04දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.

Read More

රටක ජනාධිපතිවරයෙක් සැගවී සිටියදී රට ඉදිරියට නොයන බවත්, ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජීවතුන් අතර සිටිනවාද නැද්ද යන්න පිළිබඳ සඳහනක් කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read More

කුරුණෑගල යක්ගහපිටිය ප්‍රදේශයේ අයි. ඕ. සී. ඉන්ධන පිරවුම් හල තුලදී එහි සිටි යුද හමුදා නිලධාරියකු විසින් පුද්ගලයකුට පා පහරක් එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව යුද හමුදාව සඳහන් කරයි.

Read More

ඒ සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා නාමල් රාජක්ෂ කියලා. ඒ ගැන අපි හොයලා බැලුවා. අද වෙනකොට ඒ සමාගමෙන් එය නිවරදි කරලා ඒ අවුරුදු 70 ගණනක නාමල් රාජපක්ෂ කෙනෙක් කියලා ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම වසර ගණනාවක් ව්‍යාපාර කරපු කෙනෙක්. ඒ නාමල් රාජපක්ෂයි මායි කියන්නේ දෙන්නෙක් කියන එක සමාගම විසින් ඉදිරිපත් කර තිබෙනවා.

Read More

කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රැදවියෙකු අද (04දා) දහවල් එහි වැසිකිළියක් තුල ගෙලවැලලාගෙන මියගොස් ඇති බවට තොරතුරක් ලැබී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි .

Read More

දිවයිනේ පුරා ගොවි ජනතාව සමග සාකච්ඡා කර මෙවර යල කන්නයේ වී අස්වැන්න වී මිටිය රුපියල් 10 000ත් 11000ත් අතර මිලකට මිලදී ගන්නා බවත් ගොවිජනතාවත් පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීම මෙම තීරණය ගන්නා බවත් සහල් නිෂ්පාදනය නොකරන සහල් මෝල් පිළිබඳව සොයා බලා තීරණයක් ගැනීමට කිසිවෙක් නොමැති වීම ගැන කණගා‍ටු වන බවත් අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

Read More

උතුරු - නැගෙනහිර හෝ දකුණු පළාත ඉලක්ක කර ගෙන බෝම්බ ප්‍රහාරයක් හෝ යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෙට (05දා) හෝ අනිද්දා (06දා) සිදු වන බවට තොරතුරු වාර්තා වූ බවට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතා පසුගිය 27 වැනිදා ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබෙන බවත්, එම ලිපිය මර්ධනය කිරීමටද යොදාගැනීමක්ද නැතිනම් සත්‍ය වශයෙන් සිදුවන්නක්ද යන්න පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read More

මන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙතට ගොස් සිහිසුන්ව මුහුදු වෙරලේ වැටී සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවල ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (03දා) මිය ගොස් ඇතැයි ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් පවසති.

Read More

රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් යාපනය, කන්කසන්තුරෙයි කොල්ලන්කලන්ඩි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 10 ක් වයසැති දරුවෙකු ඊයේ (03දා) සවස මිය ගොස් ඇතැයි කන්කසන්තුරෙයි පොලීසිය පැවසීය.

Read More

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථයේ ගැටුණු වන අලියා බව පවසමින් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අලියාගේ ඡායා රූපය ව්‍යාජ එකක් බවත්, එම වන අලියා අද (4 දා) දහවල් වන විටත් සොයා ගැනීමට නොහැකිවූ බවත් වයඹ සහ අනුරාධපුර කලාප භාර පණ්ඩුලගම වනජීවී කාර්යාලයේ ජේෂ්ඨ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.

Read More

ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් හි සාප්පු මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ප්‍රාදේශීය පොලීසිය පවසයි.

Read More

තම පක්ෂයෙ ඇති වාහන වෙනුවෙන් පක්ෂ සාමාජිකයන් ඉන්ධන හල් තුළ පෝලිම්වල සිට ඉන්ධන ලබා ගන්නා බවත් කිසිම අවස්ථාවක මන්ත්‍රී වරප්‍රසාද භාවිත කරමින් ඉන්ධන ලබාගෙන නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසිය.

Read More

යුක්රේනයේ ධාන්‍ය නීතිවිරෝධීව ප්‍රවාහනයට සම්බන්ධ බවට කියෙව් බලධාරීන් ප්‍රකාශ කිරීමෙන් පසුව තුර්කිය විසින් රුසියානු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞඛාවක් රඳවා තබාගෙන තිබේ.

Read More

මාදම්පේ නව නගරයෙ හි පිහිටි අයි.ඕ.සී.ඉන්ධන හලින් ඉන්ධන ලබා ගැනිමට ජනතාව දින කිපයක් බලා සිටියදී මැරයින් පිරිසක් හිතුමතේ ඉන්ධන ලබා ගෙන යාමේන් තමන් අසරණ වී ඇති බව ජනතාව චෝදනා කරතී.

Read More

කුණාටු සහිත දැඩි වර්ෂාපතනය ප්‍රථම වරට කලාපයට බලපෑවේ පසුගිය මාසයේ සිට වන අතර, ඇසෑම් හි මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්ව සිටිති.

Read More

ලංගම බස් රථයක් තුල අපයෝජනයට ලක් වූ තරුණියක බේරා ගැණීමට කටයුතු කල බස් කොන්දොස්තරට එල්ල වූ මැර ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ,නිකවැරටිය ශ්‍රී ලංගම බස් සේවකයෝ වැඩවරා අද (04දා) බස් නැවතුම් පලේදී විරෝධතාවයක නිරත වූහ.

Read More

ලුකෂෙන්කෝ රුසියානු නායක පූටින්ගෙන් ඉල්ලා සිටියේ, න්‍යෂ්ටික යුද හිස් රැගෙන යා හැකි Su-35 ගුවන් යානා වෙත අනුවර්තනය වීමට බෙලරුසියාවට උදව් කරන ලෙසයි.

Read More

තමන් ප්‍රංශයට ගිය ගමන වැරදි ලෙස වටහාගෙන තිබුණ බවත් යුරෝපයේ කිසිම රටක සිට රුසියාවට ගුවන් මගින් ගමන් කිරීමට බවත් රුසියාවේ සිටද ‌යුරෝපයේ කිසිම රටකට පැමිණීමට අවස්තාවක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.

Read More

ඔස්ට්‍රේලියාව යුක්රේනයට අතිරේක සන්නද්ධ රථ 34ක් ලබාදෙන අතර, රුසියානු රත්‍රන් ආනයනය තහනම් කරන බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් යුක්රේනයේ හදිසි සංචාරයක නිරත වෙමින් පැවසීය.

Read More

අලුත්ගම අයි.ඕ.සී. ඉන්ධනහලට දින 7 කින් ඉන්ධන නොලැබීම හේතුවෙන් පෝලිම්වල සිටි ජනතාව අද (4දා)විරෝධතාවයක නිරත වූහ.

Read More

2023 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත්‍ර භාර ගැනිමේ අවසන් දිනය කල් දැමීමට හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

ගාල්ල මූලස්ථාන පොලිසියේ ජීප් රථ, ට්‍රැෆික් බයික් ඇතුළු වාහන 50ක පමණ ප්‍රමාණයක් සඳහා ඉන්ධන නොලැබීමෙන් තවදුරටත් පොලිසියේ සාමාන්‍ය එදිනෙදා මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යා නොහැකි තත්වයක් උදා වී ඇතැයි වාර්තා වේ.

Read More

කිලෝ ග්‍රෑම් අට හමාරක් බරැති ස්වර්ණාභරණ සහ දෙකට කපා සකස් කළ රන් බිස්කට් මෙන්ම ඇමෙරිකානු ඩොලර් 75,000 ක් සහ යුරෝ 18,000 ක විදේශ මුදල් තොගයක් ද මොවුන් තිදෙනා තම ගමන් මලු සහ ඔවුන් ඇද සිටි කළිසම් සහ කමිස සාක්කු වල, විශේෂයෙන් සකස් කළ ව්‍යාජ පතුල් තුළ සගවා ගෙන සිටි බව ගුවන් තොටුපළ රේගු නිලධාරීවරයෙකු පැවසීය.

Read More

කළු ගගේ වැලි ගොඩදැමීමට ගිය පුද්ගලයෙකු අද (04දා) අලුයම දියේගිලී අතුරුදහන්ව ඇති බවට ඇති පැමිණිල්ලක් අනුව විමර්ෂණ ආරම්භ කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.