ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් හෙට (20දා) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දැක්වීමට ආණ්ඩුවේ සිටි ස්වාධීන වූ පක්ෂ එකමුතුව තීරණය කර තිබේ.
පොළොන්නරුව කදුරුවෙල සමුපකාර ඉන්ධන පිරවුම්හලේ සෞඛ්‍ය සේවය සඳහා වෙන් කරන ලද ඉන්ධන පොළොන්නරුව මහ රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වෙත නිසි පරිදි ලැබී නැතැයි පවසමින් පොළොන්නරුව මහ රෝහලේ හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැවැන්ත විරෝධතාවක් අද (19දා) දහවල් පොලොන්නරුව මහ රෝහල ඉදිරිපිට දී පැවැත්වූහ.
Read Moreපාර්ලිමේන්තුවේ ජනපතිවරයෙක් තෝරා ගැනීමට පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයෙක් ලෙසින් එක් නොවුණ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යධුරයට තරග කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ කටයුතු හෙට (20දා) සිදු කෙරෙන බැවින් පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂාවක් අද (19දා) සිට යොදා තිබේ.
Read Moreඉන්ධන මිල අඩු වීම නිසා පහත දමන ලද පොදු මගී ප්‍රවාහන බස් ගාස්තු අද(19) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා පවසයි. අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ බස් ගාස්තු සංශෝධන නව සැලැස්ම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද(19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
Read Moreඉන්ධන ලබාගැනීම ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ සමග වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට අනුව පමණක් අනිද්දා (21දා) සිට නිකුත් කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (19දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreඅදාළ නීතිරීතිවලට අනුගත වෙමින් පාර්ලිමෙන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා හෙට (20) පැවැත්වෙන ඡන්ද විමසීම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් සාර්ථකව අවසන් කර ගැනීම සදහා සියලු පක්ෂවල සහය අපේක්ෂා කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පැවසීය.
Read Moreඉන්ධන අර්බුදය නිසා බස් ගාස්තු අධික ලෙස ඉහළ යෑමත් බස් ධාවනය අවම වීමත් හේතුවෙන් දුම්රිය සඳහා ඉල්ලුම වැඩිවීමත් සමඟ දුම්රිය ප්‍රවේශපත් අවසන් වෙමින් තිබෙන බව දුම්රිය ස්ථානාධිපතිවරු පවසති.
Read Moreබදුල්ල ලංගම ඩිපෝවෙන් වැඩි මිලට අලෙවිකිරීමට බාහිර පුද්ගලයෙකුට ඩීසල් ඉන්ධන ලීටර් 1040ක් නිකුත් කර තිබියදි සැකකරුවන් තිදෙනෙකු සමග අද (19දා) අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
Read Moreගොවීන් විසින් මිලදී ගන්නා යූරියා කිලෝග්‍රෑම් 50කින් යුත් පොහොර මිටියක් අලෙවි කරනු ලබන්නේ රු.10,000කට වුවත්, අද දින සිට පොහොර බෑගයේ අන්තර්ගත බර ප්‍රමාණය මැන, ඒ අනුව මුදල් අය කරන ලෙස සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත දැනුම් දීමට කටයුතු යොදා තිබේ.
Read Moreමෙරටින් යළිත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවත් ඊයේ (18දා) කොරෝනා අසාදිතයින් 62ක් හදුනාගත් බවද වසංගත රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ්‍ය වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.
Read Moreජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (19දා) ජපාන තානාපති කාර්යාලයට පැමිණියේය.
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැදී සිටිය හැක්කේ දින 15ක කාලයක් පමණක් බවට එරට රජය නිල වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreපවතින දැඩි ඉන්ධන හිගය හේතුවෙන් මන්නාරමේ ධීවරයින් මාස එකහමාරකට ආසන්න කාලයක් මුහුදු ගමන් නොයෑම හේතුවෙන් ධීවර පවුල් 2000 කට ආසන්න ප්‍රමාණයක් දැඩි පීඩාවන්ට පත්ව සිටින බවට මන්නාරම් ධීවර සංගම් පෙන්වා දෙයි.
Read Moreබස් ගාස්තු සියයට 2.23කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩුවන බව වාර්තා වේ. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 38ක් ලෙස සංශෝධනය කිරීමට නියමිතය.
Read Moreවැඩබලන අගමැති ලෙස පත්ව ඇති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයට පත්වීම නීතිවිරෝධී බවත් ඔහුගේ පත්වීම අහෝසි කරන ලෙසත් සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කළේය. ඒ එම පෙත්සම අද දිනයේදි ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය.
Read Moreශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා ඊයේ (18දා) නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමකදී, කච්චතිව් දූපත අසල මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක (තෙත බර සහිතව) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreමෙය 2021 ජනවාරි මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බලයට පත්වීමෙන් පසු තායිවාන කලාපයට සිදු කරන ලද පස්වන ආයුද අලෙවිය වන අතර මෙම වසරේ සිව්වැනි අවි අලෙවිය ලෙස සැලකෙයි.
Read Moreගල්කිස්ස දුම්රිය පොල ආසන්නයේ ගමන් කරමින් තිබූ දුම්රිය මගියකු අතබැඳි රුපියල් 75,000 කට අධික වටිනා බේස්ලට් එකක් කඩාගන පලා යමින් සිටි පුද්ගලයෙකු ගල්කිස්ස වෙරළ තීරයේදී ඊයේ (18දා ) වන දින ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
Read Moreපාර්ලිමේන්තුවේ හෙට දිනයේ පැවැත්වීමට නියමිත නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වූ ඡන්ද විමසිම ජයග්‍රහණය කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට වැඩි අවස්ථාවක් නිර්මාණය වී තිබේ.
Read Moreමේ වන විට හිස්ව ඇති ජනපතිධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළ අතර එම නාමයෝජනාව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා විසින් ස්ථිර කරනු ලැබීය.
Read Moreනව පනත මගින් ’’සාම්ප්‍රදායික නොවන ලිංගික සම්බන්ධතා’’ ප්‍රවර්ධනය, යුද ප්‍රචාරක හා ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය අවුස්සමින් ප්‍රවර්ධනය හා සසඳා තිබේ.
Read Moreනව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් ඒ සඳහා නාම යෝජනා භාර ගැනීම අද පැවැත්වීමෙන් අනතුරුව හෙට දින පෙරවරු 10.00 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිණ.
Read Moreපාර්ලිමේන්තුවේ හෙට පැවැත්වීමට නියමිත ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වන ඡන්ද විමසීම සඳහා වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ ඩලස් අලහප්පෙරුම යන මහත්වරු නාම යෝජනා භාර දුන්නේය.
Read Moreමේ වන විට හිස්ව ඇති ශ්‍රී ලංකාවේ ජනපතිධුරය සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්විමට නියමිත ඡන්ද විමසීම සඳහා එක් නොවීමට සමගි ජන බලවේගයේ නායක මෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තිරණය කර තිබේ. ඒ අනුව සමගි ජන බලවේගය ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දීමට තීරණය කර තිබේ.
Read More’’දේශගුණික අර්බුදය කිසිදු දේශසීමාවකින් නතර වන්නේ නැහැ. ඒ නිසා පිළිතුරු කිසිදු දේශසීමාවකින් නතර නොවිය යුතුයි’’ ඇය පැවසුවාය. ’’අපි අපගේ ඒකාබද්ධ උත්සාහයන් තීව්‍ර කළ යුතුයි.’’
Read Moreචීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන සහල් තොගයේ තෙවැනි කාණ්ඩය ලෙස සහල් මෙට්‍රික් ටොන් 500ක් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. ඒ අනුව මේ දක්වා කාණ්ඩ තුනක් යටතේ සහල් මෙට්‍රික් ටොන් 2500ක් ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.
Read Moreසඳුදා පැවති කොන්සර්වේටිව් නීති සම්පාදකයින්ගේ තුන්වැනි ඡන්දයෙන් සුනක් ඡන්ද 115ක් ලබා ගත් අතර, හිටපු ආරක්ෂක අමාත්‍ය පෙනී මෝර්ඩොන්ට් ඡන්ද 82ක් සහ විදේශ ලේකම් ලිස් ට්‍රස් ඡන්ද 71ක් ලබාගෙන තිබුණි.
Read Moreවැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාම, ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් අපේක්ෂකයන් ලෙස ඡන්ද විමසීමට එක්වන බවට දැනටමත් ප්‍රකාශ කර තිබේ.
Read Moreඑක්සත් ජනපදය පදනම් කරගත් තොරතුරු තාක්ෂණ දැවැන්තයා රුසියාවේ තහනම් කර ඇති තොරතුරු දෙවැනි වරටත් මකා දැමීමට අපොහොසත් වූ බව අධිකරණය සොයාගෙන තිබේ.
Read More