විපක්ෂය සඳහන් කරන ආකාරයෙන් පාර්ලිමේන්තුව විසුරවා කඩිනමින් ඡන්දයකට යෑමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නොමැති බවත්, සභාග ආණ්ඩුවක් ගොඩ නගා තිබෙනුයේ රට ගොඩ ගැනීමට බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳ සඳහන් කරමින් අයවැය ලේකනය ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව අද (16දා) 2023 අයවැය දෙවනවර කියවීම පිළිබඳ දෙවන දිනයට පැවති විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.
රජයක් ලෙස අපි මහජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කරනවා. ඒ නිසා අපිට මේ වෙනස්කම් සිදු කරන්න වෙලා තිබෙනවා. මේවා අතරට එයාර් ලංකා, හෝටල් ක්ෂේත්රයේ ප්‍රධාන ආයතන කිහිපයක්, ටෙලිකොම්, රක්ෂණය ප්‍රධන වයෙන් ආරම්භයේදී ප්‍රතිව්‍යූහගත කිරීමට නම් කරලා තිබෙනවා. මගෙත් සමග විරුද්ධ පක්ෂය එකඟ වෙයි. මේ තීරණය අමාරු තීරණයක් වුවත් ගත යුතුයි. මෙය වසා දැමීම ලෙස සලකන්නේ නෑ. මේ අර්බුදයෙන් මේ ක්ෂේත්රය ගොඩගැනීමේ ක්‍රියාමාර්ගය ගණනාවක් අරන් තිබෙනවා.
හර්ෂ ද සිල්වා මහතා ඊයේ කතා කරනකොට යෝජනාවක් කළා. ශබ්ද නගලා කිව්වා පාර්ලිමේන්තුව විසුරවන්න කියලා. පාර්ලිමේන්තුව විසුරවන්න එක්සත් ජනපදයේ වගේ ඡන්දය තියන්න කියලා කිව්වා. හර්ෂ ද සිල්වා මහත්මයාට වැරදිලා. ආපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයක් නෑ තානකාලික මැතිවරණයක් පැවැත්වීමට. මේ කතන්දරයෙන් රටක් නොමග යවනවා. ව්‍යවස්තාවේ නැති දෙයක් කතා කරමින් රට නොමග යවනවා. ඇමරිකානු ව්‍යවස්ථාව කියන එකවත් කියවලා නෑ. ඒ නිසා ඔබලා වරද්දගෙන. රජයක් ලෙස අපි හැදුනේ ඒකාබද්දව. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂයේ නායකයා, මහජන එක්සත් පෙරමුණ, ඊ.පී.ඩී.පී, බහුතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු තවත් මන්ත්‍රීවරුන් රාශියක් එකතුවෙලා සභාග ආණ්ඩුවක් ගොඩ නගලා තිබෙන්නේ රට ගොඩගන්න.