මීගහතැන්න පැලවත්ත ප්‍රධාන මාර්ගයේ ගල්ලනමුල්ල ප්‍රදේශයේ දී එකොළොස් දෙනකු ගමන් ගත් වෑන් රථයක් බෝක්කුව ගැටී. අඩි 8ක් පමණ බෑවුමකට පෙරළීමෙන් වයෝවෘද්ධ කාන්තාවක් මිය ගොස් තුවාල ලැබූ 10 දෙනෙකු රෝහල් ගත කළ බව මීගහතැන්න පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ හිමදුව හින්ගල්ගොඩ පදිංචිව සිටි ජි. ඒ. සෝමාවතී නමැති 65 හැවිරිදි කාන්තාවකි.
තුවාල ලැබූවන් අතර ස්වාමීන් වහන්සේ නමක්, හා දරු දෙදෙනෙක් වන බව පොලීසිය කියයි.
මියගිය කාන්තාවගේ ඥාති පුතෙක් වූ ඩුබායි රටට යාම සඳහා කටුනායක ගුවන් තොටුපළට ඇරලවා ආපසු නිවෙස කරා හෝරවල පැලවත්ත මාර්ගයේ පැමිණෙමින් සිටියදී මීගහතැන්න ගල්ලනමුල්ල ප්‍රදේශයේ වෑන් රථය මාර්ගයෙන් ඉවතට ගොස් බොක්කු වක ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
අතුරින් වෑන් රථයේ ගමන් ගත් සියලුම දෙනා තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසීය.
තුවාල ලැබුවන් ප්‍රදේශවාසීන් විසින් 1990 ගිලන් රථයෙන් සහ තවත් වාහන වලින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
නාගොඩ රෝහලේ පුද්ගලයන් අට දෙනෙකු මීගහතැන්න රෝහලේ පුද්ගලයන් දෙදෙනකු ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයන් පැවසීය.
වෑන් රථ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
අනතුරින් වෑන් රථයට බරපතළ හානි සිදු වී ඇත
මීගහතැන්න පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් කේ කුමාරරත්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ / පානදුර සුමිත් පොතුපිටිය
