තෙල්දෙණිය පොලිස් වසමේ දිගන නගරයේ මහා පරිමාණයෙන් මුදල් පොලියට දෙන ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයකු අද (16) දහවල් දිගන නගරයේ පිහිටි ඔහුගේ කාර්යාලය තුළදී රිවෝල්වරයකින් වෙඩි තබා ගැනීමෙන් අනතුරුව ඔහු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය කියයි.
එසේ මියගොස් ඇත්තේ දොන් රංගජීව මංගල ගුණවර්ධන (55) නමැති දෙදරු පියෙකි . ඔහු දිගන නගරය ව්‍යාපාරික ස්ථාන ගණනාවක් පවත්වා ගෙන යමින් මහා පරිමාණයෙන් පොලියට මුදල් ලබා දෙන්නකු බව පොලිසිය කියයි . එම ව්‍යාපාරයට අමතරව ඔහු වාහන කුලී පදනම මත ලබා දෙන ආයත . විවිධ ඒජන්සි පවත්වාගෙන යාම ඇතුළු දිගන නගරයේ ගොඩනැගිලි ගණනාවක හිමි කරුවෙකු බවද පොලිසිය කියයි.
එම ව්‍යාපාරිකයාට වෙඩි වැදුන ස්ථානයේ තිබී රිවෝල්වරයක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වෙඩි තබා ගත්තාද එසේත් නොමැති නම් වෙනත් සිදුවීමකදී ඔහුට වෙඩි වැදුණා ද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදු කෙරෙමින් පවතී.
තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්. ඩී. පලිහවඩන මහතාගේ උපදෙස් පරිදි තෙල්දෙණිය මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. සේනාධීර මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .