මිල්ලනිය, ගුංගමුව කනිෂ්ඨ විදුහලේ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලිසියේ නිලධාරීන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් කේමින්ද පෙරේරා මහතා අද (16දා) නියෝග කළේය .
ගුරුවරියකගෙ මුදල් පසුම්බිය සොරාගත්තැයි එම පාසලේ දරුවන් නව දෙනෙකුට පහර දුන් සිදුවීම සම්බන්ධයෙන් මෙම අය රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
