තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ලෙස ඔවුන්ගේ පත්වීම් ලිපි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පසුගියදා ලබාගත්හ.
අමාත්‍යවරුන් වන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර, අමාත්‍ය නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්, ජනක බණ්ඩාර තෙන්නකෝන්, රෝහිත අබේගුණවර්ධන, කරුණාදාස කොඩිතුවක්කු, එස්.එම.චන්ද්‍රසේන, නාලක බණ්ඩාර කොට්ටෙගොඩ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පවිත්‍රා වන්නිආරච්චි, සිරිපාල ගම්ලත්, නිපුන රණවක, එස් වියාලේන්ද්‍රන්, එස් චන්ද්‍රකාන්තන්, යන මහත්වරු මෙම පත්වීම් ලිපි ලබාගත්හ.
මීට පෙර ගම්පහ, කළුතර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසකටද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පත්වීම් ලිපි ලබාදුන්නේය.
