බැසිල් 20දා ලංකාවට එයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිට එළඹෙන 20වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව එම පෙරමුණෙහි ප්රකාශකයෙකු 'අද'ට පැවසීය.
ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණ වැඩකටයුතු සඳහා පක්ෂයේ වගකීම 'කරට ගෙන' ඒ සඳහා වූ ශක්තිමත් වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීම බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණීමේ මූලික අරමුණ වී ඇති බව සඳහන්ය.
ඊට අමතරව සමස්තයක් ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණ යළි ස්ථාවර කර ගනිමින් විවිධ මතවල සිටින පක්ෂයේ මන්ත්රීන් යළි එක් කිරීම මෙන්ම පක්ෂයක් ලෙස ඉදිරි කටයුතු සංවිධානය කිරීමටද ඒ මහතා බලාපොරොත්තු වන බව වැඩිදුරටත් සඳහන් වේ.
popular news
-
Deepal Nirosh Thursday, 17 November 2022 03:29 AM
හපෝ, ආයිත්? මොන බම්බුවකට ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
