’මුතු රාජාගේ’ තායිලන්ත ගමන වැළකෙයිද?
මුතුරාජා හස්තියා දෙහිවල සත්වෝද්‍යානය මගින් රැක බලාගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි ලේකම්වරියට උපදෙස් දෙයි.
මුතුරාජා හස්තියා හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණිය වෙත තායිලන්තයෙන් ලබා දුන් පරිත්‍යාගයක් වන අතර එම හස්තියා පසුව එතුමිය විසින් අලුත්ගම කන්දේ විහාරස්ථානය වෙත බාර දීමට පියවර ගැනිනි.
නමුත් එම හස්තියා බාරව කටයුතු කළ ඇත්ගොව්වාගේ අමනෝඥ හැසිරීම නිසා එම හස්තියා දැඩි හිරිහැරටවලට මුහුණ දුන් බව පසුව අනාවරණය විය.
එම නිසා මෙරට තායිලන්ත තානාපතිවරයා විසින් මුතුරාජා හස්තියා කන්දේ විහාරස්ථානයෙන් රැගෙන විත් දෙහිවල සත්වෝද්‍යානය බාරයට පත් කළේය. දෙහිවල සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලය විසින් ලබා දෙන සත්කාර මැද මේ වනවිට එම හස්තියා ඉතාමත් ආරක්ෂිතව පසුවේ.
මුතුරාජා හස්තියා නැවත තායිලන්තය රැගෙන යාමට මෙරට තායිලන්ත තානාපතිවරයා විසින් තීරණය කර ඇති බව වාර්තා වු නිසා මුතුරාජා හස්තියා මෙරටම රඳවා ගැනීම සම්බන්ධව අද දින (16) කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය සමග දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබීය.
ඒ අනුව මුතුරාජා හස්තියා දෙහිවල සත්වෝද්‍යානයේ තබා ගෙන රැක බලා ගැනීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව එකඟත්වය පළ කර තිබෙන නිසා තායිලන්ත තානාපතිතුමා සමග සාකච්ඡා කර ඊට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍යවරයා ලේකම්වරියට උපදෙස් දුන්නේය.
මේ වනවිට එම හස්තියා දෙහිවල සත්වෝද්‍යානය තුළ ඉතාමත් යහපත් තත්ත්වයෙන් පසුවන බවත්, එම හස්තියා බැලීමට පැමිණි ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිතුමා මුතුරාජා රැක බලා ගැනීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඉතාමත් සතුටු වූ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
popular news
-
චින්තක Wednesday, 16 November 2022 12:35 AM
බලන්න ඒ රටේ අය යමක් කලොත් ඒකෙ පසුවිපරමක් කරනවා අපේ උන්දැලා යමක් කලොත් ඒකෙ කොමිස් කුට්ටිය ගැනීම හා රැදවුම් මුදල් නිදහස් කිරීමෙන් පසුව මොකුත්ම කරන්නෙ නැහැ රජයේ අවධානය නැහැ ඉතින් කොහොමද රටක් හදන්නෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
