ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය නොලැබීම හේතුවෙන් කිරිපිටි අඩංගු බහාලුම් 17 ක් දින 25 ක කාලයක් කොළඹ වරායේ සිරවී ඇති බව කිරිපිටි ආනයන සමාගමේ හිටපු සභාපති ආචාර්ය ලක්ෂ්මන් විජේසූරිය මහතා පවසයි.
මේ හේතුවෙන් කිරිපිටි මිල ඉහළ යෑම හෝ කිරිපිටි හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද කොළඹ දී අද (15දා) පැවති මාධ්‍ය හමුවේ දී හිටපු සභාපතිවරයා පැවසීය.