saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 5063 hours ago

LATEST

සමන් ඒකනායක ජනපති ලේකම් ලෙස පත් කෙරේ

calendar_today 2022 ජුලි 21 - 11:54 remove_red_eye - 777  

සමන් ඒකනායක මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.

සමගි තරුණ බලවේගයේ සභාපති මයන්ත දිසානායක මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තමන් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුවූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ පැරණි කසිරුණා වෙරලතීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී රුපියල් මිලියන 172 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 575 ග්‍රෑම් 600 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

අටවැනි විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දුන්නේය. අගවිනිසුරුවරයා ඉදිරියේදී ජනපතිවරයා සිය දිවුරුම කියැවීය. ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක ප්‍රධානින් මෙම අවස්ථාවට එක්විය.

Read More

(LIVE VIDEO) ශ්‍රී ලංකාාවේ අටවැනි විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි දිවුරුම් දීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

Read More

තරගය පැවැත්වෙන්නේ පාලක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ද්‍රෞපදී මුර්මු සහ විපක්ෂයේ අපේක්ෂක යෂ්වන්ත් සිංහ අතරය.

Read More

වත්මන් සාර්ව ආර්ථික තත්ත්වයන් සහ/හෝ කොවිඩ් -19 වසංගතය හේතුවෙන් සිය ආදායමට හෝ ව්‍යාපාරයන්ට අහිතකර බලපෑම් ඇති වී ඇති ණය ගනුදෙනුකරුවන් වෙත, බැංකු අංශයේ ස්ථායිතාව කෙරෙහි අනවශ්‍ය ආතතියක් ඇති නොවන පරිදි, මාස හයක කාලයක් සඳහා සුදුසු සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා ඇත.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, පශ්චාත් කොවිඩ්-19 තත්ත්වය පුද්ගලයෙකුට රාජකාරියක් හෝ ගෙදර දොරේ වැඩ වැනි දෛනික ක්‍රියාකාරකම් කිරීමට ඇති හැකියාවට එය බලපෑ හැකිය.

Read More

නිශ්ශබ්දව ඉන්න අයගේ අදහසුත් අපි පිළිගන්න ඕන. අරගලයක් කියන්නේ ආණ්ඩුවක් පෙරලන්න, ගෙවල් ගිනි තියන්න. ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය අල්ලගන්නවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. ඒක නීති විරෝධියි. නීති විරෝධී අයට අපිට නීතිය අනුව ක්‍රියා කරනවා. තරුණයන්ට අනාගතය හදන්න මම සම්පූර්ණ සහාය දෙනවා

Read More

ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය පෙනී මොර්ඩොන්ට් කොන්සර්වේටිව් නීති සම්පාදකයින් අතර අවසන් වටයේ ඡන්ද විමසීමෙන් ඉවතට විසිවිය. එහිදී සුනක් ඡන්ද 137ක් ලබාගත් අතර ට්‍රස්ට ඡන්ද 113ක් ලබාගෙන තිබුණි.

Read More

ප්‍රශ්නය - ජනපතිතුමනි ජනතාව කියනවා වෙනසක් ඕන කියලා. ඔබ රාජපක්ෂලාගේ මිතුරෙක් නේද?එතකොට කොහොමද වෙනසක් වෙන්නේ? පිළිතුර- රාජපක්ෂලා කොහොමද මගේ පැරණි මිතුරන් වෙන්නේ. මම හැමදාම හිටියේ ඔවුන්ට විරුද්ධව. ඔයා අද ඇවිල්ලා කියලා රාජපක්ෂලා මගේ මිතුරන් කියලා. මම එක දෙයක් කියන්නම්. ජනමාධ්‍ය වේදියෙක් වුණාම ඔබ ගැඹුරින් අධ්‍යනය කරන්න ඕන. මේ වගේ ප්‍රශ්න අහන්න එපා. ප්‍රශ්නය - ඔබතුමා රාජපක්ෂලාගේ මිතුරකේ නෙමෙයිද? පිළිතුර - මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙමෙයි. මම

Read More

කප්පාදුව ස්වේච්ඡාවෙන් කෙරෙන නමුත් බලශක්ති හදිසි අවස්ථාවකදී ඒවා අනිවාර්ය කිරීමට යෝජනා යුරෝපා සංගමයට ඉඩ දෙයි.

Read More

ගෞරවනීය හිටපු මහ බැංකුකරුවකු වන ඩ්‍රාගි මූල්‍ය වෙළෙඳපොළ රටේ ස්ථාවරය ඉහළ නංවා තිබූ මාස ගණනාවක සාපේක්ෂ ස්ථාවරත්වයකින් පසුව ලෝක ආර්ථික අර්බුදය මධ්‍යයේ ඉතාලියේ ආර්ථිකය දුර්වල විය.

Read More

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත්කරගත් බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනපති ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් හමුවීමට කටයුතු කළේය.

Read More

’’අපි බලාගෙන ඉන්නවා කොහොමද වෙන්නේ කියලා. මොන ආණ්ඩුව ආවත් රටේ ජනතාවට එපැයි සේවය කරන්න. (ආණ්ඩුව පිහටුවීම සම්බන්ධයෙන්) තවමත් පක්ෂයෙන් තීරණයක් අරගෙන නෑ. අපේ පක්ෂය ගන්න තීන්දු අනුව තමයි මම වැඩ කරන්නේ. අපි ඩලස්ව ඉදිරිපත් කළා. අපි ඡන්දේ දුන්නා. පැරදුණා ඉතින්. කවුරු හරි දිනන් ඒපැයි. දිනන අය දින්නා. පැරදුන අය පැරදුනා. (ගෝල්ෆේස් අරගලය) දැන් ඉතින් ඒ්ක ඇති කියලයි කියන්නේ.’’

Read More

විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලාන කුඩු අංජු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අඹු සැමි යුවලක් ජාවාරම් කරන ලද මුදල් වලින් මිලදී ගෙන තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා නිවාස දෙකක් පිහිටි ඉඩම් දෙකක් අද (20දා) රජයට පවරා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසය කියයි.

Read More

ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදි ජන රජයේ 8 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අද (20දා) පාර්ලිමේන්තුවේ පැවති රහස් ජන්දයෙන් තේරි පත්විමේ නිසා හැටන් නගරයේ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් රතිඤ්ඤා දල්වමින් සතුට පල කලහ.

Read More

ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශයට කිසිදු පාර්ශ්වයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (20දා) නියෝගයක් නිකුත් කළේය.

Read More

වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම හෙට (21දා) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදුකිරීමට නියමිතය.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත්විය.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය එක්ව ශ්‍රි ලාංකිකයින්ට නොමිලේ ජපානයේ රැකියා ලබාදෙන වැඩසටහන යටතේ ජපානයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රමිකයින් 22 ක් සඳහා ගුවන් ටිකට්පත් අද (20දා) එම කාර්යාංශයේදී පිරිනැමීය.

Read More

පාසල් ලබන සඳුදා (25දා) ආරම්භ වන අතර එදින සිට නැවත දැනුම්දෙන තුරු සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින 3 පමණක් සාමාන්‍ය පරිදි පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

රුපියල් මිලියන දහයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා ග්‍රෑම් හත්සිය දහයක් සමග පුද්ගලයෙකු අද (20දා) දා අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි .

Read More

අද පාර්ලිමේන්තුවේ පිළිඹිබු වූයේ ජනතා කැමැත්ත නොවන බවත් ජනතා කැමැත්තේ විකෘතියක් පමණක් බවත් අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More

තමන්ට පාර්ලිමේන්තුවෙන් හිමිවූ වාහන බලපත්‍ර හයක් ලබා නොගත් බවත් තමන් විශාල සල්ලිකාරයෙක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසිය.

Read More

පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කරයි.

Read More

තමන් ජනපති ලෙස දිවුරුම් දෙන්නේ පාර්ලිමේන්තුවේ බව නව ජනපති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එසේම රට ගොඩ නැගිම වෙනුවෙන් සියලු දෙනාටම එක්වන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.