ඉදිරි මාස හතර සඳහා ඉන්ධන මිලදී ගැනීම සඳහා රටට ඩොලර් බිලියන 2 කට වඩා වැඩි මුදලක් අවශ්‍ය වීමත් සමග විදේශීය තෙල් සමාගම්වලට ශ්‍රී ලංකාවෙ සිල්ලර මෙහෙයුම් සඳහා ඉන්ධන පිරවුම්හල් 500 ත් 700 ත් අතර ප්‍රමාණයක් භාර දීමට නියමිතය.
ඉදිරියේදී පත්කිරීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වරප්‍රසාද හිමි නොවන්නේ නම් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙසින් ලබන 30 දා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතාට සහාය පළ කරන කණ්ඩායම ප්‍රකාශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreවන අලියා බෝග හානි සිදු කළත්, ඌ ආරක්ෂිත සත්ව ලැයිස්තුවෙන් ඉවත් නොකිරීමටත්, නමුත් ආරක්ෂිත සත්ව ලැයිස්තුවේ සිටින වගාහානි සිදු කරන අනෙක් සතුන් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඒ සඳහා පත් කළ කමිටුවේ අවධානය යොමු වේ.
Read Moreසිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්‍ර කරමින් තිබියදී ඉකුත් වසරේ මැයි මස 20 වැනිදා මෙරට මුහුදු සීමාවේදී ගිලී ගිය එම්.වී එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව හේතුවෙන් මුහුදු තීරයට හා වෙරළ තීරයට සිදුවූ පරිසර හානිය ගණනය කර සකස්කළ පළමු අතුරු වාර්තාව නෞකා අනතුරු වන්දි ලබාගැනීම පිළිබද විශේෂඥතාවයක් සහිත ඕස්ට්‍රේලියානු නීතිඥ ආයතනය වෙත යවා තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ලහදපුර මහත්මිය පැවසුවාය.
Read Moreජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් හා මිල්කෝ ආයතන මගින් මුදවන ලද කිරි නිපදවීම නවත්වා දියර කිරි, හා පිටි කිරි ඇතුළු කිරි ආශ්‍රිත සෙසු නිෂ්පාදනයන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් දෙයි.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන් මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද ඊයේ (27දා) මහනුවර සංචාරයක නිරතවීමට නියමිතව තිබුණත් ඉන්දියානු මහ කොමසාරිස්වරයා හදිසියේම එම සංචාරය අවලංගු කර දැමීමට පියවර ගෙන තිබුණි.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියෙකු පත්කර නොමැති බව තොරතුරු දැනගැනීමේ කොමිසන් සභාවේදී අනාවරණය වේ.
Read Moreආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඇෆ්ගනිස්ථානය කඩුලු 8ක පහසු ජයක් වාර්තා කළේය.
Read Moreහෙට දිනයේදී තමන්ට අවශ්‍ය ඩීසල් නොලැබුණහොත් සඳුදා දිනයේදී පාසල් ළමුන් ප්‍රවාහන රථ ක්‍රියාත්මක නොවෙනු ඇතැයි සමස්ත ලංකා පාසල් වෑන් රථ සංගමය පවසයි.
Read Moreසමගි ජන බලවේගයේ දූෂණ විරෝධී ප්‍රයත්නයට රන්ජන් රාමනායක මහතා නායකත්වය දෙනු ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreබෙදා හැරීමේ අඩුපාඩු, ගොඩබෑමේ ප්‍රමාදයන් සහ ඉන්ධන පිරවුම්හල් මගින් ඇණවුම් සඳහා ගෙවීම් ප්‍රමාද වීම ඉන්ධන හල් අසළ දිගු පෝලිම් නිර්මාණය වීමට හේතුව බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreලංකා විදුලි බල මණ්ඩලයේ දැනට සිටින 26000ක් වන කාර්ය මණ්ඩලය අඩකින් අඩු කළ හැකි බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මෙන්ම තොග ගබඩා පර්යන්තයේ සේවකයන් 4200යකගෙන් කරන කාර්යයන් සේවකයන් 500කින් සිදුකළ හැකි බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreනොරොච්චෝල තාප විදුලි බලාගාරයේ අක්‍රීය වූ යන්ත්‍රය යළිත් ජාතික පද්ධතියට සම්බන්ධ කර ඇති හෙයින් දැනට ක්‍රියාත්මක කර ඇති විදුලි කප්පාදුවේ අඩු කිරීමක් සිදුකළ හැකිදැයි යන්න ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයෙන් විමසා තිබේ
Read Moreනොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ අක්‍රීය වූ පළමු ජනන යන්ත්‍රය යළිත් ජාතික පද්ධතියට එක්කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. පසුගිය 10 දා මෙම යන්ත්‍රයේ තාක්ෂණික දෝශයක් හට ගැනීම හේතුවෙන් එය අක්‍රීය විය.
Read Moreවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ජයකොඩි මහත්මිය ඊයේ (26දා) උදෑසන දිවයිනෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.
Read Moreමීට පෙරද අවස්ථා දෙකකදී රක්ෂණ ආයතනය වෙතින් ලද රු. ලක්ෂ 3480 ක් සහ රු. ලක්ෂ 3350 ක් බැඟින් වු අතුරු වන්දි මුදල් මෙම ධීවර ජනතාව වෙත බෙදා දීමට ධීවර අමාත්‍යාංශය විසින් කටයුතු කරන ලදි’
Read Moreනමුත් මේ වෙලාවේ තියන සීමිත සම්පත් ප්‍රමාණය වඩාත් කාර්යක්ෂම සහ වඩාත් ප්‍රයෝජනවත් විදිහට භාවිතා කිරීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඒ තත්ත්වය සමනය වුනාට පස්සේ ක්‍රමානුකූලව මේවා ඉවත් කළාම යම් කිසි ආකාරයක සීමා අයින් කරන්නත් පුළුවන්.
Read Moreශ්‍රී ලංකාවේ සිසුන් 18 දෙනෙක් වෙනුවෙන් පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට චීනය කටයුතු කර තිබේ. මේ අනුව උපාධි අපේක්ෂක සිසුන් 7ක්, පශ්චාත් උපාධි 10ක් හා ආචාර්ය උපාධියක් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රධානය කර තිබේ.
Read Moreනොරොච්චෝල ගල් අඟුරු බලාගාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනීිම වෙනුවෙන් වූ ටෙන්ඩරය ඒ සඳහා අවම ලංසුව ඉදිිපත් කළ සමාගමට ප්‍රධානය කළ බව විදුලිි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreසැප්තැම්බර් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreදැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (27 සහ 28) දෙදින ද ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (26) පස්වරුවේ පැවසීය. නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් මෙසේ තවදුරටත් විිදුලිි කප්පාදුව පැය තුනක කාලයක පවත්වා ගනියි.
Read Moreතදවැසි,තද සුළං පිළිබඳව අවවාදාත්මක නිිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව විසින් නිකුත් කර තිබේ.
Read MoreLanka Remit නමින් හඳුන්වනු ලබන ජාතික ජංගම යෙදවුම (Mobile app) විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් අතර ප්‍රචලිත කිරීමේ අරමුණෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රි ලංකා මහබැංකුව එක්ව සංවිධානය කළ, එහි විශේෂාංගයන් හඳුන්වාදීමේ උත්සවයක් අද (26) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි. විදෙස් රැකියා සදහා පිටත්වීමට සූදානම් වන ශ්‍රමිකයන් වෙත Lanka Remit ජංගම යෙදුම තුළින් ලැබෙන පහසුකම් සහ ප්‍රතිලාභ හඳුන්වා දීමට මෙහිදී ප්‍රමුඛත්වය ලබා ද
Read Moreපවතින මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී අද (26) පස්වරුවේ පැවැත්විණි.
Read Moreඅල්ලාගත් නයා වනයට මුදා නොහැර කරේ දමාගෙන දර්ශනය දැමූ නයි අල්ලන්නෙක් නයි ප්‍රහාරයකින් ඊයේ (25දා) මියගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ අකුරල පදිංචි සුදත් කුමාර නමැති සිව් දරු පියෙක් බවද පොලීසිය කියයි.
Read Moreපාසල් දිවා ආහාර වේලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියළි ආහාර තොගයක් ඇමරිකානු රජය විසින් මෙරට ට ප්‍රදානය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත මෙම ආහාර තොගය භාරදීම, මෙරට ඇමරිකානු තානාපති, ජූලි චං මහත්මිය අතින් වත්තල, මුතුරාජවෙල පිහිටි ‘ස්පෙක්ට්‍රා‘ ගබඩා සංකීර්ණයේ දී අද (26) දින, නිල වශයෙන් සිදු විය.
Read Moreසැප්තැම්බර් 1 දා සිිට ජල ගාස්තු වැඩිිකිරිමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ. ජල ගාස්තු වැඩිකිරීීමට අදාළ ගැසට් නිවේදනය අඅ දිනයේදිම නිකුත් කිරීමට නියමිතය.
Read Moreහොරු නිතියේ රැහැනට කොටූ කර ගැනිමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත් තමන් ස්වාධිනව කටයුතු කරන බවත් නිදහස ලැබූු රන්ජන් රාමනායක මහතා පැවැසීිය. ඒසෛ්ම තමන්ට සමාව ලබාදිම වෙනුවෙන් කටයුතු කල සියලුම දෙනාට ස්තූතීය ප්‍රකාශ කරන බවත් තමන් සෑම වීටම ජනතාව සමග කටයුතු කරන බවත් නිදහස ලැබීමෙන් පසුව ඔහු පැවැසිය.ඩ
Read Moreජනපතී සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා මීට සූළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමණියේය.
Read Moreඅගමැති ධුරය අත්හිටුවා ඇති තායිලන්ත අගමැති, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිගටම කටයුතු කරන බවට ප්‍රතිඥා දෙයි.
Read More